පූර්ණ කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට රට විවෘත කිරීමට අමෙරිකාව තීරණය කර ඇත. ඒ අනුව ලබන නොවැම්බර් මාසයේදී විදේශිකයන්ගේ සංචරණ සීමා ඉවත් වනු ඇතැයි වාර්තා වේ.
ධවල මන්දිරයේ ප්‍රකාශකයකු විදෙස් මාධ්‍ය වෙත කියා සිටියේ නිශ්චිත රටවල් කිහිපයක සංචාරකයන්ට පළමුව රට විවෘත කරන බවත්, පසුව එය තවත් රටවල් වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත කිරීමට අදහස් කර ඇති බවත්ය. කෙසේ වෙතත් නියමිත කාලයට පෙර මේ නිවේදනය නිකුත් කර ඇත්තේ එරට ගුවන් සේවාවලට සහ සංචාරක කර්මාන්තයේ නිරතව සිටින සමාගම්වලට පෙර සූදානම් වීම සඳහා බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කර ඇත.