27.5 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා අත වැනීම ප්‍රායෝගික නෑ

දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා අත වැනීම ප්‍රායෝගික නෑ

පාර්ලි‍මේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්

වත්මන් ආණ්ඩුව බලයට පත් වූ වහාම දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන පන්සීයක් පමණ තහනම් කොට දැන් දෙමළ ඩයස් පෝරාවට සාකච්ඡා සඳහා අත වැනීම ප්‍රායෝගික නොවන සංසිද්ධියක් බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පෙරේදා (22) පැවසීය.

ජනාධිපතිවරයා විසින් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

රටේ ප්‍රශ්න විසඳා ගැනීම සදහා දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡාවකට යෑමට තීරණය කිරීම ධනාත්මක ප්‍රවේශයක් නමුත් කිසිදු කොන්දේසියක් න්‍යාය පත්‍රයක් නොමැතිව එක් වරම සාකච්ඡාවකට ආරාධනය කිරීම සිදු නොවන තවත් එක් යෝජනාවක් පමණක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා ජාත්‍යන්තරයට එසේ ප්‍රකාශ කළද දේශපාලනික වශයෙන් බිම්මට්ටමේදී එවැනි සාකච්ඡාවක් පැවැත්වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවද ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා පැවසීය.

දෙමළ ඩයස්පෝරා තහනම් කිරීම, අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නයට පොරොන්දු වූ විසදුම් නොදීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට වූ පොරොන්දු කඩ වීම යන දේශපාලනික පරිසරයක් තුළ ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාවට ආරාධනය කිරීම ජිනීවා මානව හිමිකම් කොමිසම හා ජාත්‍යන්තරය රැවටීමේ තවත් ප්‍රෝඩාවක් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

උතුරු පළාත් විශේෂ