ඇමැති බන්දුල
පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ‘සතොස ආයතනයේ සිදුව ඇති වංචා සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටියදී ඇමැතිවරුන් සිය ධුරයෙන් ඉල්ලා අස් වන මෙන් තමාට බලපෑම් කරනු ලැබූ බවට දැක්වූ සාවද්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය අපක්ෂපාති පරීක්ෂණයක් කළ යුතු බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (23) වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය.
සතොස ආයතනයේ වංචා සෙවීමේ පරීක්ෂණ පැවැත් වෙද්දි සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරමින් එම පරීක්ෂණවලට බාධා කිරීම ගැන විශේෂ අවධානය යොමු කළ යුතුයි. පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු පසුගියදා විද්යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කරමින්, කළ ප්‍රකාශ පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙනවා. මේ සම්බන්ධයෙන් තමා පොලිස්පති වෙත ඊයේ (23) කළ පැමිණිල්ල අනුව අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. සිය දේශපාලන ජීවිතයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප පරිත්‍යාග කරමින්, ජාවාරම්කරුවන් සමඟ ඍජුව ගැටෙමින්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීම සඳහා තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දීම මෙන්ම මහින්දෝදය විද්‍යාගාර ඇති කර උපනූපන් පරම්පරාව වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කිරීමට කටයුතු කළ තමා විසින් කිසිසේත්ම වංචා, දූෂණ කළ නිලධාරීන් ආරක්ෂා කිරීමට කටයුතු නොකරන ලද බවත්, ඇමැතිවරයා කීය.
අනුර ප්‍රේමලාල්