25.6 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුගදනවි අමෙරිකාවට දීම අගමැති මතය මධ්‍යස්ථයි

යුගදනවි අමෙරිකාවට දීම අගමැති මතය මධ්‍යස්ථයි

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40ක අමෙරිකානු ආයෝජනයකට පැවරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මධ්‍යස්ථ අදහසක් දැරූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් අග්‍රාමාත්‍යවරයා සමඟ ඊයේ (23) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව පැවසීය. බලාගාරය අමෙරිකානු අයෝජනයකට පැවරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දේශපාලන පක්ෂ නායකයන් මෙසේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණු අතර, එම සාකච්ඡාවේදී පක්ෂ නායකයන්ගේ අදහස් අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවත් වීරවංශ මහතා කීවේය.

මේ සාකච්ඡාවේදී මුදල් ඇමැතිවරයා ඔහුගේ පාර්ශ්වයෙන් අදහස් දැක්වූ බව පැවසූ වීරවංශ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු මේ ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා පක්ෂ නායකයන්ගේ අත්සනින් යුත් ලිපියක් බාර දීමට බලාපොරොත්තු වන බව පැවසීය.

රුවන්ත නිතුල්ගස්පිටිය