28.9 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරොකට් ප්‍රහාර මැද මියන්මාර වැසියෝ පලා යති

රොකට් ප්‍රහාර මැද මියන්මාර වැසියෝ පලා යති

මියන්මාරයේ චින් ප්‍රාන්තයේ තන්ට්ලෑන්දී මියන්මාර් හමුදා සහ හමුදා කුමන්ත්‍රණයට එරෙහි සටන්කාමීන් අතර ඇති වූ දරුණු සටන් හේතුවෙන් එහි සිටි වැසියන් අතුරින් 8,000ක් පමණ නගරය අත්හැර පලාගොස් තිබේ. මේ අවස්ථාවේ එල්ල කළ රොකට් ප්‍රහාර නිසා නිවාස රැසක් ගින්නට හසු වී ඇත. යාබද දේශසීමාව හරහා දහස් ගණන් පිරිස් ඉන්දියාවට පලාගොස් ඇතැයි වාර්තා වේ. රොයිටර් වාර්තා අනුව තන්ට්ලෑන්හි සිවිල් වැසියන්ගේ නිවාස 20කට වැඩි ප්‍රමාණයක් ගින්නට හසු වී තිබේ. ගිනිගන්නා ගොඩනැඟිල්ලක් නිවා දැමීමට උත්සාහ කළ ක්‍රිස්තියානි පූජකවරයකු හමුදාවේ වෙඩි පහරට ලක්ව මියගොස් ඇතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. එම ප්‍රදේශයේ වාසය කළ ජනතාවගෙන් සියයට සියයක් ම තම නිවාස හැරගොස් ඇතැයි මියෙන්මාර් වාර්තා සඳහන් කළේය.