පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා
ආර්ථික වශයෙන් දියුණු සංවර්ධිත රාජ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වසර 10- 15කට බලපැවැත්වෙන පරිදි ජාතික න්‍යාය පත්‍රයක් සැකසීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා බත්තරමුල්ල, නෙළුම් මාවත ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළේය.
සකසන එම ජාතික න්‍යාය පත්‍රය සියලු පක්ෂ සහ ජන කොටස්වලට පිළිගත හැකි, කුමන ආණ්ඩුවක් හෝ ජනාධිපතිවරයකු පත් වූවද ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ ක්‍රියාවලියක් විය යුතු බවද හෙතෙම කීවේය.
එවැනි ක්‍රමවේදයක් ඔස්සේ මෙරට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණු ඉටු කර ගැනීමට වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ආර්ථික වැඩපිළිවෙළක් පවතින බවත් ඉදිරි අයවැයෙන් ආදායම වැඩි කර, වියදම අඩු කරමින් ඊට අවශ්‍ය මූලික පියවර මුදල් ඇමැතිවරයා තබනු ඇතැයි තමා විශ්වාස කරන බවත් මන්ත්‍රීවරයා කීය.
රුවන්ත නිතුල්ගස්පිටිය