බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට අයිසීසී විසින් දුෂණ විරෝධී පනත උල්ලංඝනය කළ බවට චෝදනා ගොනු කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ටී-ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව එම තරගාවලිය සඳහා වූ එමිරේට්ස් ක්‍රිකට් දූෂණ මර්දන පනතේ වගන්ති 4ක් උල්ලංඝනය කළ බවට අයිසීසීය මේ චෝදනා ගොනු කර ඇත්තේ එමිරේට්ස් ක්‍රිකට් ආයතනය වෙනුවෙනි.
ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට පත් විය හැකි අවස්ථාවකදී ත්‍යාගයක්, ගෙවීමක් හෝ වෙනත් ප්‍රතිලාභයක් ලැබීම හෝ දීම, අමෙරිකන් ඩොලර් 750ක් හෝ ඊට වැඩි සත්කාර පිළිගැනීම හෝ හෙළි කිරීමට අපොහොසත් වීම, දූෂණ විරෝධී නිලධාරියාගේ විමර්ශනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම සහ දූෂණ විරෝධී ඒකකය සඳහා තොරතුරු දීම ප්‍රමාද කිරීම, හෝ සහයෝගයෙන් කටයුතු නොකිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා අතර වේ. මේ චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා දින 14ක කාලයක් දී තිබේ.