25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාවේ අවදානම් සහිත වැඩිහිටියන්ට ෆයිසර් බූස්ටර් එන්නත

අමෙරිකාවේ අවදානම් සහිත වැඩිහිටියන්ට ෆයිසර් බූස්ටර් එන්නත

අවදානම් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පා සිටින වැඩිහිටි පුද්ගලයන්ට සහ අවුරුදු 65ට ඉහළ වැඩිහිටියන්ට බූස්ටර් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත දීමට අමෙරිකාවේ සෞඛ්‍ය අංශයට බලය පවරා තිබේ. එරට ජනගහණයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් වැඩිහිටි පුද්ගලයන් වන බැවින් අමෙරිකාවේ මේ නිවේදනයට අනුව එරට බහුතර පිරිසකට බූස්ටර් එන්නත ලැබෙනු ඇත.

කොවිඩ් මර්දන එන්නත්කරණයේ දෙවැනි මාත්‍රාව ලබා මාස 6ක් ඉක්මවූ වැඩිහිටියන්ට මේ බූස්ටර් එන්නත සැපැයීමට තීරණය කර ඇති අතර, මේ වන විට කොවිඩ් වසංගතයේ නව රැල්ලකට මුහුණ පා සිටින අමෙරිකා ජනතාවට එය සුබවාදී තීරණයක් වනු ඇතැයි එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත. අමෙරිකාවේ කීර්තිමත් විද්‍යාඥයන් ඇතුළත් ස්වාධීන කමිටුවක් විසින් මේ බූස්ටර් එන්නත වැඩිහිටියන්ට නිර්දේශ කර ඇති අතර, අවුරුදු 16 ට වැඩි සියලු වැසියන්ට බූස්ටර් එන්නත ලබා දිය යුතු බවට මීට පෙර ධවල මන්දිරය කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මේ තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.