27.8 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගනිස්තානයේ යළිත් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි

ඇෆ්ගනිස්තානයේ යළිත් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි

ඇෆ්ගනිස්තානයේ නැවත වරක් දැඩි නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව තලේබාන් සංවිධානයේ මුල් කාලීන සාමාජිකයකු සහ අනූව දශකයේ තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය පාලනය කළ යුගයේදී අධිකරණ ඇමැති ලෙස කටයුතු කළ මුල්ලා නූරුද්දීන් ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීම සහ අත් පා කපා දැමීම වැනි දැඩි දඬුවම් යළිත් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කර තිබේ.

ඒඑෆ්පී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුල්ලා නූරුද්දීන් මේ ප්‍රකාශය සිදු කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කළේය.

අපරාධ වැරදිකරුවන් ක්‍රීඩාංගණයකට රැගෙන ගොස් ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීමට යළිත් සිදුවනු ඇතැයි කියා සිටි තලේබාන් සංවිධානයේ මේ ජ්‍යේෂ්ඨ සාමාජිකයා, ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙස විදෙස් රටවලට අනතුරු ඇඟවීමක් ද කර ඇතැයි වාර්තා වේ.

නව තාක්ෂණයේ මෙවලම් වන වීඩියෝ, ජංගම දුරකතන වැනි උපංග භාවිත කළ ද තලේබාන් සංවිධානය තවමත් ගතානුගතික අදහස් පිරුණු දැඩි අන්තවාදී සංවිධානයක් බව ඔහුගේ ප්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන බව එම වාර්තාවේ සඳහන් වේ.