31.7 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙරවලපිටිය බලාගාරයේ කොටසක් අමෙරිකන් සමාගමකට දී නෑ

කෙරවලපිටිය බලාගාරයේ කොටසක් අමෙරිකන් සමාගමකට දී නෑ

රාජ්‍ය ඇමැති කනක හේරත්

කෙරවලපිටිය බලාගාරයේ කොටසක් අමෙරිකන් සමාගමකට දී නැති බවත් එක සමාගමක යෝජනාවක් අධ්‍යයනය කර ඇති බවත් මහතා කැබිනට් මණ්ඩලයෙන් පත් කරන ලද ආයෝජන පිළිබඳ කමිටුව මඟින් එය කර ඇති බවත් විලි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පෙරේදා (23) යටියන්තොට සීපොත් සිට කැන්දල්ඔය දක්වා මාර්ගය රුපියල් මිලියන 95ක මූල්‍ය ප්‍රතිපාදන මත කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කරමින් පැවසුවේය.

පළාත් සංචරණ සීමා තිබියදී රට බොහෝ දුරට විවෘත කරන තත්ත්වයක් තිබෙන බවද රාජ්‍ය ඇමැතිවරයා තවදුරටත් පැවසුවේය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීවේය.

“මේ කමිටුව යටතේ මේ පිළිබඳව අධ්‍යයනයක් කරලා තියෙනවා පමණයි. ගිවිසුමක් අත්සන් කරල නෑ. ඉදිරි කාලයේදී එය ටෙන්ඩර් පටිපාටිය යටතේ තමයි අනිවාර්යෙන්ම ගිවිසුමක් අත්සන් කිරීමට පෙර තෝරාගැනීමක් කරන්නේ. කොවිඩ් තත්ත්වය අනුව රට වසා තැබීම සෞඛ්‍ය ආරක්ෂිත ගැටලුවක්. ජනතාව තීන්දු කරන්න ඕන ආරක්ෂිතව ජීවත් වෙන්න කොහොමද කියලා. මෙහි විශාලතම ගැටලුව තිබෙන්නේ එදිනෙදා සුළු වැටුප් ගෙන ජීවත්වන ජනතාව සඳහායි. රට වසා තිබියදී විපක්ෂය චෝදනා කරනවා ඇයි රට වහලා තියෙන්නේ කියලා. විපක්ෂයම තමයි රට වහන්න කියන රැල්ල ඇති කළේ. ගුරු සංගම් පාරට දාලා උද්ඝෝෂණ කරලා මේ රැල්ල ඇතිකරේ ඔවුන්. මේ වන විට යම්තාක් දුරකට කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අඩු වෙලා තියනවා.”

නදී මාණික්කගේ