අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීමකට අනුව ඊයේ (24) පෙරවරුවේ එහි පැමිණි සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැය තුනක පමණ ප්‍රකාශයක් දීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබේ.
යහපාලන ආණ්ඩු සමයේ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කළ ‘යකඩ මිනිසා‘ නම් ව්‍යාපෘතියේදී වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කළ දැනුම් දීමකට අනුව ඔහු එහි පැමිණ තිබේ.
ඊයේ (24) පෙරවරු 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැය 3ක පමණ කාලයක් ප්‍රකාශ දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දහවල් 12.30ට පමණ ඉන් පිටව ගොස් තිබේ.
සුභාෂිණී සේනානායක