31.1 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහේලට ජාතික ක්‍රිකට් උපදේශක තනතුර පිරිනමයි

මහේලට ජාතික ක්‍රිකට් උපදේශක තනතුර පිරිනමයි

ජය මාවතේ ගෙනයන්න සුපිරි තරුවකට සුක්කානම

ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙස සැලකෙන මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ හා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පත් කරයි. ලබන මාසයේ ඩුබායි හී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක ලෙස දින 7ක කාලයක් සේවය ලබාදීමට හා ලබන වසරේ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වන 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශකවරයෙකු ලෙස මාස 5ක පමණ කාලයක් එම භූමිකාව ‘ගෞරවනීය’ලෙස පිලිගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජාතික ක්‍රිකට් පිලේ උපදේශකයකු ලෙස මෑත කාලයේ පත්වූ පළමු අවස්ථාව මෙය වේ. දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරුවන් කිහිප දෙනකු කටයුතු කරමින් සිටියද උපදේශක මට්ටමේ තනතුරක් ඇති කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මහේල ජයවර්ධන මහතා මේ දිනවල ක්‍රියාත්මක අයිපීඑල් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර එම තරඟාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වනු ඇත. ඔක්තෝබර් 16 සිට 22 දක්වා දින 7ක කාලය ශ්‍රී ලංකා පිල විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබීමේ වටයට තරගවදින අතර එහිදී මහේල ජයවර්ධන මහතා කණ්ඩායමට අවශ්‍ය සහයෝගය ලබා‍ ෙද්.

එහිදී ඔහු තම ක්‍රිකට් ජීවිතයේ ලැබූ අති විශාල අත්දැකීම් හුවමාරු කරගෙන ක්‍රීඩකයින්ට සහ කළමනාකාරීත්වයට මිල කළ නොහැකි උපාය මාර්ගික සහයෝගයක් ලබා දෙනු ඇතැයි විශ්වාසයවී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුව විසින් කරන ලද නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ජයවර්ධන මහතා මෙම තනතුරු සඳහා පත්කර ඇත.

 

ප්‍රින්ස් ගුණසේකර