එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම ඇමතීම සඳහා අමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකාවේ උපජනාධිපති කමලා හැරිස් අතර විශේෂ හමුවක් පසුගියදා සිදු විය. ඉන්දීය සම්භවයක් ඇති අමෙරිකානු උප ජනාධිපතිනී කමලා හැරිස් සහ ඉන්දීය රාජ්‍ය නායකයා අතර මෙවැනි හමුවක් සිදු වූයේ පළමු වරටය.එමෙන්ම එය අමෙරිකා ඉතිහාසයේ ඉහළම තනතුරක් දරන ඉන්දීය අමෙරිකානු නායිකාවක් ඉන්දීය නායකයා හමු වූ පළමු අවස්ථාව වශයෙන් ද ඉතිහාසයට එක් විය.කමලා හැරිස්ගේ ඓතිහාසික ජයග්‍රහණයට සුබ පැතූ මෝදි ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙසට ඇයට ආරාධනා කර තිබේ. ඉන්දියාවේ ජනතාව ඔබ පිළිගැනීමට බලාගෙන සිටිනවායැයි මෝදි ඇයට පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. . දකුණු ඉන්දියාවේ තුලසෙන්ද්‍රපුරම්හි උපත ලබා ඇති කමලා හැරිස් පසුගිය වසරේ අමෙරිකාවේ ජනාධිපතිවරණයේදී එරට උපජනාධිපති පදවියට පත් වූ අතර, ඇගේ ජයග්‍රහණය සමරමින් ඉන්දියාවේ ඇගේ උපන් බිමේ ජනතාව ගිනි කෙළි සංදර්ශන සහ වීදි පෙළපාලි පවත්වමින් ප්‍රීති උත්සව පවත්වා තිබිණි.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...

මෝදි සහ කමලා හැරිස් අතර ඓතිහාසික හමුවක්
Previous article