විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මේ අවස්ථාවේ රටට අවශ්‍ය, මිනිස්සුන්ට ජීවත්වීමේ මංතීරුව සෑදීම මිස ඇවිදින මංතීරු සෑදීම නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රෝහල්වලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ විපක්ෂයෙන් හුස්මක් 28 වැනි අදියරට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. කොරෝනා ව්‍යසනයට අමතරව රට ඉදිරියේ මහා සාගතයක සහ, දැවැන්ත ආර්ථික බංකොළොත් බවක පෙරනිමිති ඇස් ඉදිරියේ තිබියදීත් ආණ්ඩුව කොමිස් ව්‍යාපෘතිවල නියැලෙමින් මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කරන බවද ඒ මහතා පැවසීය.
සමඟි ජන බලවේගය විසින් ක්‍රියාත්මක Òවිපක්ෂයෙන් හුස්මක්Ó වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 28 වැනි පියවර ලෙස ඊයේ (26) රුපියල් තිස්ලක්ෂ විසිපන් දහසක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පොතුවිල් මූලික රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.
භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්