30 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවේ නිපදවන ලොව පළමු ඩීඑන්ඒ එන්නත අගමැති මෝදි එ.ජා. සමුළුවේදී හෙළි කරයි

ඉන්දියාවේ නිපදවන ලොව පළමු ඩීඑන්ඒ එන්නත අගමැති මෝදි එ.ජා. සමුළුවේදී හෙළි කරයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව ඇමතූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එතෙක් මෙතෙක් ලොව පළමුවරට කොවිඩ් වයිරසයට එරෙහිව නිපදවන ඩීඑන්ඒ එන්නත පිළිබඳ විශේෂ හඳුන්වාදීමක් සිදු කරනු ලැබීය. සිය රට විවිධ ආකාරයේ කොවිඩ් මර්දන එන්නත් නිපදවීම සම්බන්ධව අත්හදා බැලූ බවත්, ලොව පළමුවරට ඩීඑන්ඒ එන්නත නිපදවීමට ඉන්දියාවට හැකිවූ බවත් සිය දේශනයේදී සඳහන් කර තිබේ. මේ එන්නත අවුරුදු 12න් ඉහළ ඕනෑම පුද්ගලයකුට ලබා දීමට හැකියාව තිබේ. එමෙන්ම ලොව පළමුවරට නාස් කුහර තුළින් ශරීරගත කරන කොවිඩ් මර්දන එන්නත නිපදවීම සඳහා ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගම අඛණ්ඩව වැඩ කටයුතු කරමින් සිටින බවත් ඉන්දීය අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

ලොව පුරා සිටින කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදකයන්ට ඉන්දියාවට පැමිණ එම එන්නත් නිෂ්පාදනය කරන ලෙස ඔහු විවෘත ආරාධනාවක් ද කර තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ එරට කොවිඩ් නව රැල්ලක ව්‍යාප්තියෙන් පසු කොවිඩ් මර්දන එන්නත් අපනයනය කිරිම නැවැත්වීමට ඉන්දියාවට සිදු විය.

වසර එකහමාරකට වැඩි කාලයක් සමස්ත ලොවම වසර සියයකට පසු දරුණු වසංගතයකට මුහුණ පා සිටි බව කී ඉන්දීය අගමැතිවරයා මේ වසංගතයෙන් ජීවිත අහිමිවූවන්ගේ පවුල්වලට සිය කනගාටුව පුද කිරීමට අමතක නොකළේය.