28.9 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකකුල් දෙකම නෑ අත් දෙකෙන් දුවලා ලෝක වාර්තාවක් තියලා

කකුල් දෙකම නෑ අත් දෙකෙන් දුවලා ලෝක වාර්තාවක් තියලා

මිනිස් සිරුරේ තුනටියෙන් පහළ සම්පූර්ණයෙන්ම අහිමි අමෙරිකන් ක්‍රීඩක සියොන් ක්ලාක් තම දෑත් පමණක් භාවිත කරමින් මී. 20ක දුරක් වේගයෙන් දිව ගොස් ගොස් ලෝක වාර්තාවක් පිහිටුවයි. ඔහු එම දුර තත්. 4.78ක කාලයකින් නිම කළ අතර, එය නව ගිනස් ලෝක වාර්තාවක් බවට පිළිගෙන ඇත.

ඔහියෝහි ජීවත් වන සියොන් ක්ලාක් උපදින විටම කෝඩල් රිග්‍රේෂන් සින්ඩ්‍රෝමය නමැති පහළ කොඳු ඇට පෙළේ වර්ධනය අඩාළ කරන ආබාධයකින් පෙළෙන බව වෛද්‍යවරුන් පවසා ඇත.

මේ ඇදහිය නොහැකි ජයග්‍රහණයත් සමඟ 23 හැවිරිදි ක්ලාක්ගේ කැප වීම හා නිර්භීතකම ප්‍රදර්ශනය වන්නේ යැයි ගීනස් වාර්තා අධීක්ෂණ මණ්ඩලය පවසා ඇත.

අභිප්‍රේරණ කථිකයකු, කතුවරයකු සහ ව්‍යවසායකයකු වශයෙන් ක්ලාක් මෙයට පෙර බොහෝ අවස්ථාවල කටයුතු කොට ඇති අතර එයින් බොහෝ දෙනකු ආස්වාදයක් ලබා ඇතැයි පැවසේ.

ක්ලාක් පාසලේදී මල්ලවපොර ක්‍රීඩාවේ නිරතව ඇති අතර, ඔහු උගත් උසස් පාසලේ ‘ප්‍රාන්තයේ හොඳම පිරිමි ළමයා’ ලෙසද හදුන්වා ඇත.

“මම මල්ලව පොර ආරම්භ කළේ දෙවැනි පන්තියේදී. කකුල් නැතිව ඉපදුණාට මට ඕනෑ දේ කළා. කාටවත් එය වළක්වන්න බැරි වුණා” සියොන් මාධ්‍යයට පැවසීය.

ප්‍රින්ස් ගුණසේකර