31.1 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකඩාකප්පල්කාරි අයගේ මතවලට නොරැවටී එන්නත ගන්න

කඩාකප්පල්කාරි අයගේ මතවලට නොරැවටී එන්නත ගන්න

රාජ්‍ය ඇමැති, මහාචාර්ය චන්න ජයසුමන

රජයෙන් කොරෝනා වසංගතය මර්දනය කිරීමට ක්‍රියාත්මක කර තිබෙන එන්නත් කිරීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට විපක්ෂයේ සිටින ඇතැම් කණ්ඩායම් විවිධ මත පළ කරනවා. නමුත් ඒවාට මුලා නොවී එන්නත ගන්නා ලෙසට රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යැයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමැති, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ උප කුලපති බොල්ලැගල මානෙල්වත්ත මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් විසින් රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් උතුරු මැද පළාතේ ග්‍රාමීය රෝහල් වෙත ප්‍රදානය කිරීමේ අවස්ථාවේදීය.

මේ වෛද්‍ය උපකරණ තොගයට ඔක්සිජන් නිෂ්පාදනය කරන යන්ත්‍ර 08ක් , ඔක්සිමීටර් 80ක්, මුඛ ආවරණ 16,000ක් සහ ටිෂූ කඩදාසි 250ක් ඇතුළත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

“මෙ වන විට වයස අවුරුදු 30ට වැඩි පිරිසෙන් සීයයට 98කට පමණ කොරෝනා මර්දන එන්නත දී තිබෙනවා. දැනට එය නොගෙන තිබෙන්නේ තමන්ගේ කැමැත්තෙන්ම නොගැනීමට තීරණය කළ අය පමණයි. නමුත් ඒ අයටත් එන්නත ගන්න කියලා අපි කියනවා.

වයස අවුරුදු 12ට වැඩි නිදන්ගත රෝග තිබෙන දරුවන්ටත් එන්නත දීමට රජය දැන් කටයුතු කර තිබෙනවා. වයස අවුරුදු 15ට වැඩි පාසල් දරුවන්ට ද එන්නත දීමට කටයුතු කරනවා. මේ එන්නත දරුවන්ට දෙන්නේ ළමා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් විසින් මේ ගැන සොයා බලා දෙන නිර්දේශවලට අනුවයි. ඒ නිසා මේ ගැන ජනතාව කිසිම බියක් ඇති කර ගන්න අවශ්‍ය නෑ.

විවිධ දේශපාලන කණ්ඩායම් මේ එන්නත්කරණ වැඩපිළිවෙළට විරුද්ධව කටයුතු කරනවා. එය අපි තරයේම හෙළා දකිනවා. ඒ නිසා එම කණ්ඩායම්වලට අපි කියන්නේ මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කරන්න එපා කියලා. ඔවුන් මේ වැඩපිළිවෙළ අසාර්ථක කරන්න උත්සාහ දරනවා.

අද පීසීආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ අඩු කර තිබෙනවා කියලා ඇතැමුන් රජයට චෝදනා නඟනවා. ඒවා පදනම් විරහිතයි. ඇතැමුන් මේ පරීක්ෂණවලින් වාසි ගන්නවා. ඒකයි ඔවුන් මේ පරීක්ෂණ වැඩි කරන්න කියන්නේ. ආසාදිතයන් හමුවීම අඩු වන විට එම පරීක්ෂණ අඩු වෙනවා. ඔවුන් ඒ බව කියන්නේ නැතිව ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරනවා.”

මල්වාන සමූහ සහ දෙල්ගොඩ සමූහ