විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මේ රටේ සම්පත් තමන්ගේ පෞද්ගලික දේපළ සේ සලකමින් කුණු කොල්ලයට විකුණා දමන කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ට එරෙහි මහ පාරේ අරගලය ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ පානම දී පැවති විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ද කීය.
“ආණ්ඩුවේ දේශද්‍රෝහී ප්‍රෝඩාව ඒ හරහා මනාව දැක ගත හැකියි. ආණ්ඩුවේ දේශීය සම්පත් විකිණීමට එරෙහිව මහජන පවුරක් ගොඩනැඟිය යුතුයි. සෞඛ්‍යමය සහ නිරෝධායන නීති රීතිවලට අනුගතව රට බේරා ගැනීමේ අරගලය ආරම්භ කරනවා.
ආණ්ඩුව මැතිවරණයට පෙර ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම කීතු කීතුවලට ඉරා දමමින් ඒ වෙනුවට මහා පාවා දීමේ දැක්ම ක්‍රියාත්මක කරමින් සිටිනවා. ආණ්ඩුව හොර රහසේම කෙරවලපිටිය යුගදනවි බලාගාරය කුණු කොල්ලයට විකුණා දමමින් මෑත ඉතිහාසයේ මහා පාවා දීම සිදු කළා.”
පහන් විජේසේකර