31.1 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජගත් හමුදා බොක්සිං තරගාවලියේදී නුවන්ට ගයනිට ලෝකඩ පදක්කම්

ජගත් හමුදා බොක්සිං තරගාවලියේදී නුවන්ට ගයනිට ලෝකඩ පදක්කම්

අන්තර්ජාතික හමුදා බොක්සිං ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සජීව නුවන් කුමාර සහ ගයනි නිසංසලා කළුආරච්චි සමත් වූහ. රුසියාවේ සත්කාරකත්වයෙන් පසුගියදා පැවැති මේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග කළ සජීව නුවන් එම බර පන්තියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් වූ අතර, එහිදී බ්‍රසීලයේ ලීන්ඩර්සෝ කොන්සීකාඕ හමුවේ පරාජයට පත් විය. සජීව නුවන් ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයෙකි. කිලෝග්‍රෑම් 75 කාන්තා බර පන්තිය යටතේ තරග වැදුණු ගයනි කළුආරච්චි එම බර පන්තියෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් වූ අතර, එහිදී බෙලරුසියාවේ වික්ටෝරියා කෙබිකාවා හමුවේ පරාජයට පත් වූවාය. ඇය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩිකාවකි.