28.9 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතලේබාන් සංවිධානය වැරදිකරුවන් ඝාතනය කර එල්ලයි

තලේබාන් සංවිධානය වැරදිකරුවන් ඝාතනය කර එල්ලයි

ඇෆ්ගනිස්තානයේ නැවතත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට එරට නව නායකයන් අනතුරු අඟවා දිනක්වත් ගතවීමට පෙර හෙරාත් නගරයේ දී පුද්ගලයන් සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර, ඔවුන්ගේ මළ සිරුරු මහජන චතුරස්‍රවල ප්‍රදර්ශනයට තබා ඇතැයි වාර්තා වේ. තලෙයිබාන් සංවිධානය පවසන්නේ මේ පිරිස කප්පම් ලබාගැනීමට ව්‍යාපාරිකයකු සහ ඔහුගේ පුතා පැහැරගැනීමට උත්සාහ දැරීමේ දී ඇති වූ වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූ බවය.

එක් මළ සිරුරක් දොඹකරයක ආධාරයෙන් ඔසවා නගර මධ්‍යයේ ප්‍රදර්ශනයට තබා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. එම ප්‍රදේශයේ සාප්පු හිමියකු වන වසීර් අහ්මඩ් සිද්දික් ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍ය සේවයට පවසා ඇත්තේ මළ සිරුරු හතරම චතුරස්‍රයට ගෙනැවිත් තිබූ බවය. සෙසු මළ සිරුරු වෙනත් ස්ථානවල ප්‍රදර්ශනයට ගෙන ගොස් ඇත. හෙරාත් නියෝජ්‍ය ආණ්ඩුකාර මෞල්වායි ෂයිර් පවසන්නේ මළ සිරුරු මෙසේ ප්‍රදර්ශනය කිරීමෙන් වරදකරුවන් තවදුරටත් මැඬ පැවැත්වීමට හැකි බවය.