28.9 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයුද අපරාධ-මානව හිමිකම් කැඩීම් ගැන ශ්‍රී ලංකා රජයේ යෝජනාවලට එකඟ නෑ

යුද අපරාධ-මානව හිමිකම් කැඩීම් ගැන ශ්‍රී ලංකා රජයේ යෝජනාවලට එකඟ නෑ

TNA මහ ලේකම් එම්.කේ. ශිවාජිලිංගම්

ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කරන දේශීය යන්ත්‍රණයකට දෙමළ ජනතා සන්ධානය කිසිසේත්ම එකඟ නොවන බව එම පක්ෂයේ මහ ලේකම් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා පැවැසීය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (25) යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවෙසේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් මීට පෙර යෝජනා කරන ලද අන්තර්ජාතික අධිකරණයකින් හෝ අන්තර්ජාතික විනිසුරුවන්ගෙන් සමන්විත දෙමුහුම් අධිකරණයකින් හෝ ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඊට සම්බන්ධ වරදකරුවන්ට දඬුවම් දෙන ලෙස දෙමළ ජනතා සන්ධානය මෙවරත් මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකාව එම චෝදනාවලට වරදකරුවන් වී සිටියදී දේශීය යාන්ත්‍රණයකින් සිදු කෙරෙන පරීක්ෂණවලදී සාධාරණයක් ඉටු වන්නේ නෑ. ශ්‍රී ලංකාව සමඟ මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට වඩා සිය දිවි හානි කරගැනීම වඩා යහපත්.”

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ