රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර ජනපතිගෙන් ඉල්ලයි
හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අරමුදල් යොදවමින්
රුපියල් ලක්ෂ 900ක මුදලකට පවරාගත් බුලත්සිංහල ගොඩනැගිල්ල ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා තිබීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන්නැයි රාජ්‍ය අැමැති ජයන්ත සමරවීර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ගොඩනැගිල්ලේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය අමාත්‍යවරයා එම ගොඩනැගිල්ල නිරීක්ෂණය සඳහා පෙරේදා (25) එහි ගිය අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ජයන්ත සමරවීර මහතා කියා සිටියේය.
රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අරමුදල් යොදවා එම ගොඩනැගිල්ල එලෙස පවරාගෙන අලුත්වැඩියා කර ඇත.
හොරණ බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩමේ ගොඩනැගිල්ලක දිගාසිරි නමින් පෞද්ගලික රෝහලක් පවත්වාගෙන ගොස් ඇති අතර එය අයත් වන්නේ රාජිත සේනාරත්න මහතාගේ හිතවතකු වන මංජුල රණවක නමැත්තකුට බවත් සමරවීර මහතා පැවසීය.
බැංකුවට සින්න වීමට ගිය මෙම ගොඩනැගිල්ල රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මුදල් යොදවා බේරාගෙන වසර 8කට වැඩි කාලයක් කිසිදු ප්‍රයෝජනයක් නොගැනීම ජාතික අපරාධයක් යැයි තමන් ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා යැවූ බවත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් මේ සම්බන්ධයෙන් පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබුණු අතර එහිදී එම ගොඩනැගිල්ල පවරා ගෙන පුහුණු කළ පිරිස සම්බන්ධයෙන් විමසණු ලැබීය.
සුභාෂිණී සේනානායක