28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුගදනවි ගිවිසුම අත්සන් කළ පමණින් අමෙරිකාවට අපට බලපෑම් කරන්න බෑ

යුගදනවි ගිවිසුම අත්සන් කළ පමණින් අමෙරිකාවට අපට බලපෑම් කරන්න බෑ

පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්

අමෙරිකාව සමඟ යුගදනවි බලාගාර ගිවිසුම අත්සන් කළ පමණින් ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ඔවුන්ට කිසිදු හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයෙ (27) කොළඹ පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙය කිසිම හෝ ආකාරයකින් බලාගාරයේ කොටස් විදේශ ආයෝජන සමාගමකට ලබාදීමක් හෝ විකිණීමක් නොවන අතර කොටස් 40% ලබා දීමක් පමණකි. ඒම කොටස් 40% ලබාදීමෙන් පසුත් අදාළ ආයෝජනයෙන් වසර 15 කින් පසු මෙම බලාගාරය සම්පූර්ණයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් වේ. යම්කිසි රටක් තවත් රටක ආයෝජනය කළ පමණින් එම රටේ සැපයුම්වලට බලපෑම් එල්ල කිරීමේ කිසිදු හැකියාවක් නොමැත. ඕනෑම රටක තම රට වැසියාගේ ආරක්ෂාව සඳහා නීති පද්ධතියක් තිබේ.

හදිසි නීතිය, ඇඳිරි නීතිය වැනි විවිධ නීති පද්ධතීන් ජනතාවගේ ආරක්ෂාව පිණිස සියලු රටවල්වල පවත්වා ගෙන යයි.

එවැනි තත්ත්වයක් තුළ රටක් තවත් රටක ආයෝජනය කළ පමණින් රටක ජනතාවට බලපෑම් එල්ල කිරීමේ කිසිදු හැකියාවක් නොමැත. ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් හැටියට එවැනි තත්ත්වයක් ඇති වූවහොත් එය පාලනය කිරීමට සැපයුම් රජය යටතට ගෙන ත්‍රිවිධහමුදාවල සහයෝගයෙන් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට හැකියාව තිබේ. තේ කෝප්පයේ කිඹුල්ලු දකිමින් රටේ ජනතාව අතර අනිසි බියක් ඇති කිරීම තුළින් රටේ සංවර්ධන කටයුතු තවදුරටත් නතර කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පෙනී යයි.

නෙරංජලා වික්‍රමසිංහ