27.8 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කිරීම අනුමත කළ නොහැකියි

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කිරීම අනුමත කළ නොහැකියි

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කිරීම අනුමත කළ නොහැකි බව ලංකා සමසමාජ පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත විශේෂ කරුණු දැක්වීමකදීය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වු මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“රටේ තිබෙන තත්ත්වය මත අපට මේ ආණ්ඩුවත් සමඟ කටයුතු කළ යුතු වෙනවා. අපට බෑ, එක්සත් ජාතික පක්ෂයට හෝ සමඟි ජනබලවේගයට බලය දෙන්න. ඒ නිසා ප්‍රශ්නය දෙස බලා එහි ස්වභාවය අනුව කටයුතු කරනවා. එල්. එන්. ජී. එක අත්සන් කර ඉවරයි කියන එක තමයි මට ලැබෙන ආරංචිවලින් කියැවෙන්නේ. තහවුරු කරන්න මට සාධක නැතත් ඉන්දියාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඩොලර් එකතුවක් තිබෙනවා. එයින් බලයි අපේ විදේශ විනිමය අවපාත ප්‍රශ්නය විසඳාගන්න. රටේ ප්‍රශ්නය බේරා ගන්නේ අභ්‍යන්තර ණය ගැනීමෙන් පමණක් නොව මුදල් මුද්‍රණය කිරීමෙන්.

ආණ්ඩුවත් සමඟ සිටින අපේ පක්ෂයක් සමඟ දේශපාලන පක්ෂ එකොළහ යම් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිට නිවැරැදි මඟ පෙන්වමින් කටයුතු කරනවා.

එන්නත්කරණය ගැන කතා කරන විට සයිනොෆාම් එන්නත තමයි සාම්ප්‍රදායික ලෙස නිෂ්පාදනය කෙරෙන්නේ. ඒ නිසා මගෙන් කවුරු හරි ඇහුවොත් සයිනොෆාම් එන්නත ගන්න ලෙස උපදෙස් දෙනවා.”

 

අනුර ප්‍රේමලාල්