28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑන්නත දෙන්න නීති හදන්න ඕනෙ නෑ

එන්නත දෙන්න නීති හදන්න ඕනෙ නෑ

නලින්ද ජයතිස්ස

ශ්‍රී ලංකාවේ ජනතාවට නිතී සකස් කර එන්නත්කරණය සිදු කළ යුතු රටක් නොවන බවත් එන්නත් වර්ග නොකර ජනතාවට ආදර්ශවත් ලෙස එන්නත්කරණ වැඩ සටහන් දියත් කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ‘දිනමිණ‘ට ඊයේ (26) පැවසීය.

තරුණ තරුණියන් එන්නත ලබා ගැනීම සිදු කළ යුතු බවත් එන්නත් ලබා ගැනීම මගින් ලිංගික බෙලහීනතාවක් ඇති නොවන බවත් සඳහන් කරන ඒ මහතා ලැබෙන එන්නත කුමන වර්ගයේ එන්නතක් වුවද ලබා ගන්නා ලෙසත් මෙම රෝගයට එන්නතක් හැර වෙන විකල්පයක් තවමත් හඳුනාගෙන නොමැති බවත් අවධාරණය කළේය.

විවිධ ප්‍රදේශ හා බල පුලුවන්කාරකම් මත එන්නත්කරණය වර්ගීකරණය වීම නිසා අද වන විට තරුණ තරුණියන් එන්නත් ලබා ගැනීමට කිසිදු උනන්දුවක් නොමැති බවත් වැඩිහිටියන්ට එන්නත්කරණය සිදු කරන විට ඉතා උනන්දුවක් තිබුණ බවත් පෙන්වා දෙන ජයතිස්ස මහතා යම් දේශපාලන කණ්ඩායම් ඊට වගකිව යුතු බවත් පැවසීය.

රටේ ඉහළ තනතුරවල සහ නායකත්වය දරන පුද්ගලයන් එක් එන්නත් වර්ගයක්ද සාමාන්‍ය මිනිසුන්ට තවත් එන්නත් වර්ගයක්ද ලබා දීම මගින් මෙ⁣ම භේදය නිර්මාණය කළේ පවතින රජය බවත් සඳහන් කරන ඒ මහතා අපේ රට ප්‍රතිශක්තිකරණ අතින් සියයට සියයක් ඉහළින් සිටින රටක් බවත් එම නිසා නිතී සකස් කර බලෙන් එන්නත්කරණය සිදු නොකර ජනතාවට කරුණු පැහැදිලි කර මෙම එන්නත් ලබා දීම සිදුකළ යුතු බවත් පැවසීය.

නුවන් හෙට්ටිආරච්චි