ග්‍රීසියේ ක්‍රීට් දූපතේ සිදු වූ රිච්ටර් මාපක 5.8ක භූමි කම්පාවකින් එක් පුද්ගලයකු මියගොස් නව දෙනෙකු තුවාල ලබා ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. මියගිය පුද්ගලයා අර්කලොචොරි නමැති නගරයේ පල්ලියක කොතක් පිළිසකර කරමින් සිටි අයකු බව විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
එරට වේලාවෙන් පෙ.ව. 9.17 ට මේ භූමි කම්පාව සිදු වී ඇති අතර, අවට සිටි ජනතාව වහාම එම ස්ථානයෙන් ඉවත් වී තිබේ. අනතුරුව පසු කම්පන කිහිපයක් ද වාර්තා වී ඇත. භූමි කම්පාවෙන් ගොඩනැඟිලි රැසකට හානි වී ඇතැයි එරට සිවිල් ආරක්ෂක අධිකාරිය පවසයි.
යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය පවසන පරිදි මේ භූමි කම්පාව රිච්ටර් මාපක 6.5ක ප්‍රබලතාවයක් ඇති එකක් වන අතර, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන පරිදි එය රිච්ටර් මාපක 6.0ක ප්‍රබලතාවයකින් යුතු එකකි.