තුර්කියේ ඉස්තානාබුල් නුවර වසර 1,600ක් පැරැණි දිය උල්පතක් සොයා ගැනීමට එරට විද්‍යාඥයෝ සමත් වූහ. ඉස්තානාබුල් අගනුවර පෞරාණික මාලිගාවක අලුත්වැඩියා කටයුත්තක් සිදු කරමින් සිටියදී මේ දිය උල්පත මතු වී ඇති අතර, එය තුර්කියේ බයිසෙන්ටයින් යුගයේ දිය උල්පතක් විය හැකි බවට සැක කෙරේ. තුර්කියේ පුරා විද්‍යාඥයන් පිරිසක් එරට පෞරාණික ගොඩනැගිල්ලක් වන බොකෝලියන් මාලිගයේ ප්‍රතිසංස්කරණය කටයුතු මේ දිනවල සිදු කරමින් සිටින අතර, එම දිය උල්පත හමු වී ඇත්තේ එම අවස්ථාවේදීය. මාර්මාරා මුහුදු තීරයට ඔබ්බෙන් පිහිටි මේ මාලිගාව තුළින් සොයා ගත් දිය උල්පත පොලොව මට්ටමේ සිට මීටර් පහක් පමණ යටින් පිහිටා තිබූ බව විද්‍යාඥයෝ පවසති. එය ඓතිහාසික දිය උල්පතක් බව පැවැසේ.