26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසර 1,600ක් පැරැණි දිය උල්පතක් තුර්කියේ

වසර 1,600ක් පැරැණි දිය උල්පතක් තුර්කියේ

තුර්කියේ ඉස්තානාබුල් නුවර වසර 1,600ක් පැරැණි දිය උල්පතක් සොයා ගැනීමට එරට විද්‍යාඥයෝ සමත් වූහ. ඉස්තානාබුල් අගනුවර පෞරාණික මාලිගාවක අලුත්වැඩියා කටයුත්තක් සිදු කරමින් සිටියදී මේ දිය උල්පත මතු වී ඇති අතර, එය තුර්කියේ බයිසෙන්ටයින් යුගයේ දිය උල්පතක් විය හැකි බවට සැක කෙරේ. තුර්කියේ පුරා විද්‍යාඥයන් පිරිසක් එරට පෞරාණික ගොඩනැගිල්ලක් වන බොකෝලියන් මාලිගයේ ප්‍රතිසංස්කරණය කටයුතු මේ දිනවල සිදු කරමින් සිටින අතර, එම දිය උල්පත හමු වී ඇත්තේ එම අවස්ථාවේදීය. මාර්මාරා මුහුදු තීරයට ඔබ්බෙන් පිහිටි මේ මාලිගාව තුළින් සොයා ගත් දිය උල්පත පොලොව මට්ටමේ සිට මීටර් පහක් පමණ යටින් පිහිටා තිබූ බව විද්‍යාඥයෝ පවසති. එය ඓතිහාසික දිය උල්පතක් බව පැවැසේ.