31.7 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආසියා රග්බි පිටියට යන ශ්‍රී ලංකා පිල ආරාධිත තරගාවලියෙන් තෝරා ගැනේ

ආසියා රග්බි පිටියට යන ශ්‍රී ලංකා පිල ආරාධිත තරගාවලියෙන් තෝරා ගැනේ

Author(s): 
ෆවුස් මොහොමඩ්

ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මස අග භාගයේ කොළඹදී පැවැත්වෙන ආරාධිත තරගාවලියෙන් තෝරා ගන්නා බව රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්යාස් මහතා ප්‍රකාශ කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මාර්ගෝපදේශ යටතේ ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව සංවිධාන කරන ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලියට මහනුවර ක්‍රීඩා සමාජය සහ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය සහභාගි නොවන අතර, සෙසු කණ්ඩායම් දැනටමත් සිය සහභාගිත්වය තහවුරු කර තිබේ.

ඒ අනුව පොලිස් ක්‍රීඩා සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමඟ සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයත්, හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයත් ආරාධිත තරගාවලියට එක්වී සිටිති.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් පසු පළමුවරට පැවැත්වීමට නියමිත ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් තරගාවලියක් වනු ඇතැයි ද, ලබන වසරේ පැවැත්වෙන ආසියා ක්‍රීඩා උලෙළේ රග්බි තරගාවලිය නියෝජනය කිරිමට පෙර අන්තර්ජාතික තරග අත්දැකීම් ලැබීමේ අවස්ථාව මෙරට ක්‍රීඩකයන්ට හිමි වනු ඇතැයි ද රග්බි සභාපතිවරයා විශ්වාසය පළ කළේය.

ආරාධිත රග්බි තරගාවලිය ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ දස්කම් දක්වන ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම ජාතික රග්බි තේරීම් කමිටුවේ සභාපති අශෝක ජයසේන මහතාගේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතය. තරගාවලි 3කින් සමන්විත ආසියා සත් සාමාජික රග්බි තරගමාලාව මෙවර එක් තරගාවලියකට පමණක් සීමා කර ඇති අතර, නොවැම්බර් මස 19 සහ 20 දෙදින එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබායි නුවරදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් ද්විත්වයම මේ තරගාවලියට සහභාගි වන අතර, ජපානය, හොංකොං, දකුණු කොරියාව, මැලේසියාව, තායිලන්තය, චීනය, සිංගප්පූරුව සහ චීන තායිපේ සෙසු කණ්ඩායම් වේ.