26 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජගත් බොක්සිං වළල්ලට තේරීම් තරගාවලියක්

ජගත් බොක්සිං වළල්ලට තේරීම් තරගාවලියක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

වසර 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සහ ලෝක කාන්තා බොක්සිං ශුරතාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා බොක්සිං සංචිතය තෝරා ගැනීම සඳහා නොවැම්බර් මස 28 දා සිට 30 දක්වා තෝරා ගැනීමේ බොක්සිං තරගාවලියක් පැවැත්වීමට බොක්සිං ආයතනය තීරණය කර තිබේ. රාජකීය විදුහලේ මාස් බොක්සිං වළල්ලේදී මේ තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ සඳහා ක්‍රීඩකයන් 8 දෙනකු සහ ක්‍රීඩිකාවන් සිව්දෙනකු තෝරා ගැනීමට නියමිත අතර, ලෝක කාන්තා බොක්සිං ශූරතාවලියට ක්‍රීඩිකාවන් දෙදෙනකු තෝරා ගැනීම මේ තරගාවලියේදී සිදු කෙරෙනු ඇත. ඒ අනුව මෙරට ස්ටබ්ස් පළිහ, ජාතික තරගාවලිය, ලේටන් කුසලාන සහ ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං වළල්ලට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ තරගාවලියට සහභාගි වන ලෙස බොක්සිං ආයතනය ආරාධනා කර සිටී. තරගාවලිය සඳහා අයැදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් මස 15 දා අවසන් වන අතර, ඊට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදාළ ක්‍රීඩා සමාජ හරහා සිය අයැදුම්පත් එවන ලෙස දන්වා සිටී.