25.6 C
Colombo
Monday, February 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩිල්ෂාන් - තරංග ලෝක ලෙජන්ඩ්ස් පිලට

ඩිල්ෂාන් – තරංග ලෝක ලෙජන්ඩ්ස් පිලට

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් සහ කඩුලු රකින ක්‍රීඩක උපුල් තරංග ලෝක ලෙජන්ඩ්ස් කණ්ඩායම සඳහා නම් කර තිබේ.

ජගත් ක්‍රිකට් තරග බිමෙන් සමු ගත් ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේදී පැවැති රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් මත මේ වසරේ කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් 12 දෙනකු තෝරා ගැනීමට කටයුතු කර ඇත. කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරයි.

ඉන්දීය පිලේ නායක සුපිරි පිතිකරු සචින් තෙන්ඩුලකාර්ගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙස ඩිල්ෂාන් නම් කර ඇති අතර, තරංග අංක 6 පිතිකරු මෙන්ම කඩුලු රකින්නා ලෙස ද නම් කර තිබේ. මේ අතර, විස්ඩන් සඟරාව විසින් ද ලෝක ලෙජන්ඩ්ස් කණ්ඩායමක් නම් කිරීමට කටයුතු කර තිබේ.

එම කණ්ඩායමට එක් වූ ඩ්වේන් ස්මිත්, යූසුප් පතාන්, මකායා න්ට්නි සහ මුනාෆ් පටෙල් විස්ඩන් කණ්ඩායමට එක් කර නැති අතර, ඒ වෙනුවට බ්‍රයන් ලාරා, ටීනෝ බෙස්ට් සහ සුලේමාන් බෙන් සමඟ නුවන් කුලසේකර ද එක් කිරීමට කටයුතු කර ඇත.

තරගාවලියේ සංවිධායකයන් නම් කළ වසරේ ලෝක ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙසේය:

විරේන්ද්‍ර ශේවාග් (ඉන්.), සචින් තෙන්ඩුල්කාර් (නායක, ඉන්.), තිලකරත්න ඩිල්ෂාන් (ශ්‍රීලං.), ඩ්වේන් ස්මිත් (බ.ඉ.කො.), කෙවින් පීටර්සන් (එං.), උපුල් තරංග (ශ්‍රීලං.), යුවරාජ් සිං (ඉන්.), යූසුෆ් පතාන් (ඉන්.), මකායා න්ටිනි (ද.අ.), මුනාෆ් පටෙල් (ඉන්.), මොන්ටි පනෙසර් (එං.). අතිරේක – නුවන් කුලසේකර (ශ්‍රීලං.)