27.5 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහයිද්‍රාබාද් දෙවැනි ජය ලබයි

හයිද්‍රාබාද් දෙවැනි ජය ලබයි

ජේසන් රෝයි සහ කේන් විලියම්සන්ගේ විශිෂ්ට පිතිහරඹයන් හේතුවෙන් මෙවර අයිපීඑල් තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

තරගාවලියේ 40 වැන්න වූ මේ තරගයේදී හයිද්‍රාබාද් හමුවේ රාජස්ථාන් රෝයල්ස් පිල කඩුලු 7කින් පරාජයට පත් විය.

ඩුබායිහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් පිල කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස් කළ අතර, පන්දු 9ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරාගත් හයිද්‍රාබාද් පිලට අහිමි වූයේ කඩුලු 3ක් පමණි.

මංගල අයිපීඑල් තරගයට ක්‍රීඩා කළ ජේසන් රෝයි හයිද්‍රාබාද් ඉනිමට සාර්ථක ආරම්භයක් දුන්නේ පන්දු 42කින් ලකුණු 60ක් රැස් කරමිනි. පළමු කඩුල්ලට විර්දිමාන් සාහා (18) සමඟ ලකුණු 57ක් එක් කළ රෝයි දෙවැනි කඩුල්ලට නායක කේන් විලියම්සන් සමඟින් ද ලකුණු 57ක් එක් කළේය. විලියම්සන් නොදැවී ලකුණු 51ක් රැස් කළේ පන්දු 41කිනි.

පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සංජු සැම්සන් ලකුණු 82ක් රැස් කළේ පන්දු 57කිනි. යශස්වී ජයිස්වාල් ලකුණු 36ක් සහ මහිපාල් ලම්රෝර් ලකුණු 29ක් ඉනිමට එක් කළහ.

පිට පිට පරාජයන් 5කට පසු හිමි වූ මේ ජය සමඟ තවදුරටත් තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට හයිද්‍රාබාද් පිලට හැකි විය. කෙසේ වෙතත් තරග 10කදී පරාජයන් 8ක් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසු වන ඔවුන්ට තරගාවලියේ ඉදිරියට යෑමට නම් මූලික වටයේ ඉතිරි තරග 4ම ජය ගැනීම අනිවාර්ය වී තිබේ.