31.1 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රංස ජනපතිට බිත්තර ගසයි

ප්‍රංස ජනපතිට බිත්තර ගසයි

ප්‍රංසයේ ලියොන් නුවර පසුගියදා පැවැති ආහාර ප්‍රදර්ශන උත්සවයක් අතරතුර ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ට බිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. රැස්ව සිටි ජනතාව අතරින් කිසිවකු මේ බිත්තර ප්‍රහාරය එල්ල කර තිබූ අතර, එය ජනාධිපතිවරයාගේ උරහිසේ වැදීමෙන් පසු බිඳී විසිරී ගිය බව වාර්තා වේ.

මේ බිත්තර ප්‍රහාරය එල්ල කිරීමට හේතුව තහවුරු වී නැති අතර, එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් සිදුවිමට සම්බන්ධ තරුණයා එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගොස් තිබේ.

ප්‍රංස ජනාධිපතිවරයා මීට පෙර ද ජනතාව අතර ගැවසෙමින් සිටියදී මෙවැනි සිදුවීම් රැසකට මුහුණ පා තිබේ. වරක් 2017 ජනාධිපති අපේක්ෂක වශයෙන් නම් කිරීමෙන් පසු ඔහුගේ හිසට බිත්තර ප්‍රහාරයක් එල්ල වූ අතර, මේ වසරේ ජූනි මාසයේදී උත්සවයකට සහභාගි වීමෙන් පසු ජනතාව සමඟ කතාබහ කරමින් සිටියදී එක්තරා මිනිසකු ඔහුට කම්මුල් පහරක් එල්ල කර තිබිණි.