28.4 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවසර දෙකකට පසු ශ්‍රී ලංකා 'ඒ' පිලට අන්තර්ජාතික තරගාවලියක්

වසර දෙකකට පසු ශ්‍රී ලංකා ‘ඒ’ පිලට අන්තර්ජාතික තරගාවලියක්

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

වසර දෙකකට පසු අන්තර්ජාතික තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට උදා වී තිබේ. ඒ සිව්දින සහ එක්දින තරගාවලි ද්විත්වයකින් සමන්විත තරග සංචාරයක් සඳහා ලබන මස 21 වැනිදා පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබීම හේතුවෙනි.

සංචාරක කණ්ඩායම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නිරෝධායන කටයුතු නිමා කිරීමෙන් පසු ජෛව බුබුළක් යටතේ ක්‍රියාත්මක දෙපිල අතර පළමු සිව්දින තරගය ඔක්තෝබර් 28 වැනිදා සිට 31 වැනිදා දක්වාත්, දෙවැනි සිව්දින තරගය නොවැම්බර් 04 වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වෙන්නේ මහනුවරදීය.

එක්දින තරග 3 නොවැම්බර් 10, 12 සහ 15 දිනවල පැවැත්වීමට නියමිත අතර, එම තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය තවමත් තීරණය කර නැත.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තරගාවලියකට එක් වන්නේ වසර දෙකකට පසුව වීම වි⁣ශේෂත්වයකි. අවසන් වරට 2019 වසරේ ඔක්තෝබර් මස අශාන් ප්‍රියංජන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සමඟ සිව්දින තරග 2ක් සහ එක්දින තරග 3කට ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කළේය. එහිදී සිව්දින තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා වූ අතර, එක්දින තරගාවලිය 2-1ක් ලෙස බංග්ලාදේශය ජය ගත්තේය.

අනතුරුව කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට තරග සඳහා එක්වීමට අවස්ථාවක් නොලැබිණි.

මේ අතර මේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවකු වන රුමේෂ් රත්නායක මහතා පත් කර තිබේ.

තරග කාලසටහන

ඔක්. 28-31 පළමු සිව්දින තරගය මහනුවරදී 
නොවැ. 4-7 දෙවැනි සිව්දින තරගය මහනුවරදී 
නොවැ. 10 පළමු එක්දින තරගය 
නොවැ. 12 දෙවැනි එක්දින තරගය 
නොවැ. 15 තෙවැනි එක්දින තරගය