28.4 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවසර 2035 වන විට විශ්‍රාම වැටුප් ගෙවීමට රටේ මුදල් නැති වෙනවා

වසර 2035 වන විට විශ්‍රාම වැටුප් ගෙවීමට රටේ මුදල් නැති වෙනවා

එජාප නායක රනිල් වික්‍රමසිංහ

වසර 2035 වන විට විශ්‍රාම වැටුප් ගෙවීමට රටට මුදල් නොමැති වන බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමග සූම් තාක්ෂණය මඟින් ඊයේ (30) පැවති සාකච්ඡාවකදීය.

එහිදී හිටපු අගමැතිවරයා මෙසේද කීය.

අපේ ආර්ථිකය වැටුණේ කොවිඩ් වසංගතය එන්න කලින්. ඒ අප කර ගෙන ආ වැඩසටහන් 2019 නොවැම්බර් මසදී වෙනස් කිරීමෙන් පසුවයි. අනික් රටවල්වලට තිබෙන්නේ කොවිඩ් නිසා ඇති වුණු අර්බුදය පමණයි. නමුත් අපිට කොවිඩ් නිසා පැමිණි අර්බුදය සහ අප ඇති කර ගත් අර්බුද යන දෙකම තිබෙනවා. අනික් රටවල විදේශ සංචිත අඩු වෙලා නැහැ. අද අපි ඉන්නේ නේපාලයටත් වඩා පහළින්. අයි.එම්.එෆ්. සංවිධානයෙන් මුදල් ගත යුතු බව මා යෝජනා කළා. ඔවුන් කියන්නේ වියදම් පාලනය කළ යුතු බවයි. ඔවුන් බලපෑම් සිදු කළේ නැහැ. පුරප්පාඩු නොමැතිව රැකියා දෙන්න බැහැ. අපි 2015දී ඉදිරිපත් කළ වැඩසටහනට ඔවුන් සිදු කළේ සංශෝධන ටිකයි. අයි.එම්.එෆ්. එකේ මුදල් ගත යුතු බව අනෙක් රටවල් තීරණය කර තිබෙනවා. වසංගත තත්ත්වය නිසා අයි.එම්.එෆ්. තදින් ක්‍රියා කරන්නේ නැහැ. අපට මුදල් දෙන වෙනත් තැන් නැහැ. වෙනත් රටකින් ඉල්ලුවත් අයි.එම්.එෆ්. සහතිකය අවශ්‍ය වෙනවා. ධම්මික පැණිය බිව්වා වගේ මේ වැඩ කරන්න බැහැ.

අප සිදු කළේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කර ණය බර අඩු කිරීමයි. ආර්ථික වර්ධන වේගය ඇති කර ගැනීම ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රධාන ගැටලුව වුණේ ණය බරයි. අප කළ වැඩකටයුතු ඉදිරියට ගෙන ගියා නම් මීට වඩා වේගයෙන් යන්න තිබුණා.

ශිරෝමි අබයසිංහ