28.9 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආණ්ඩුවේ කළමනාකාරීත්වය නිසා ඉන්ධන හිඟයක් ඇති වුණේ නෑ

ආණ්ඩුවේ කළමනාකාරීත්වය නිසා ඉන්ධන හිඟයක් ඇති වුණේ නෑ

බලශක්ති ඇමැති, නීතිඥ උදය ගම්මන්පිල

විදේශ විනිමය අර්බුදයකදී ලෝකයේ රටවල් මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්නය තෙල් හිඟය වුවත් වත්මන් ආණ්ඩුවේ කළමනාකාරීත්වය නිසා ඉන්ධන හිඟයක් ඇති නොවූ බව බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ පෙරේදා (29) මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙසේද පැවසීය.

“සෑම මසකම ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 200 බැගින් දීමට නව මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ පෑවත් ඛනිජ තෙල් ආනයනයට ඉන් කිසිම බලපෑමක් ඇති වෙන්නේ නෑ.

රටේ විදේශ විනිමය අර්බුදයක් ඇති වුණාම මුලින්ම ඇති වෙන්න ඕනෑ තෙල් හිඟයයි. ලෝකයේ අනික් රටවල උනෙත් එහෙමයි. මේ මොහොතේ වෙමින් පවතින්නේද එහෙමයි. අපේ සමස්ථ ආනයන වියදමින් 20% වඩා වැය වන රටේ ප්‍රධානම ආනයන භාණ්ඩය ඉන්ධනයි. ඒ වගේම තෙල් කියන එක ආවට ගියාට කඩෙන් ගේන්නත් බැහැ. මාස ගාණක් පුරා ලෑස්ති වෙන්නට ඕනේ. ඒ නිසා විදේශ විනිමය අර්බුදයකදී ලෝකයේ රටවල් මුලින්ම මුහුණ පාන්නේ තෙල් හිඟයකට. ඉතින් ඒක උනේ නැති නිසා අනේ වෙයන් අනේ වෙයන් කියමින් විපක්ෂය ජප කරමින් ඉන්න බවයි අපිට නම් පේන්නේ.

ගරු විපක්ෂ නායකතුමා අගෝස්තු 10 දිනත් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රිතුමා ජූලි 19, අගෝස්තු 31 සහ සැප්තැම්බර් 25 දිනවලත් මුජිබර් රහ්මන් මන්ත්‍රිතුමා අගෝස්තු 18 දිනත් පාඨලි චම්පික මන්ත්‍රිතුමා ජූලි 21 දිනත් සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා ජූලි 15 දිනත් නුදරු දිනක ලංකාවේ තෙල් හිඟයක් ඇති වන බවට අනාවැකි පළ කළා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් තුන් පාරක්ම කිව්වා. අවසානයට කිව්වේ පසුගිය සඳුදා. නුදුරු දිනකදී වෙනවා කියන්නේ මාස තුනක ඉඳළයි. නමුත් එහෙම එකක් වුණේ නෑ. එහෙම නොවෙන තත්ත්වයට වග බලා ගැනීම තමයි අපේ වගකීම වෙන්නේ.

ලබන වසරේ ජනවාරි මාසය දක්වා අඛණ්ඩව පෙට්‍රල් සැපයීම සහතික කරලා තිබෙන්නේ. මේ වසරේ නොවැම්බර් මාසය දක්වා අඛණ්ඩව ඩීසල් සැපයීම සහතික කරලා තිබෙන්නේ. මම පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දියාවේ ඛනිජ තෙල් සහ ගෑස් අමාත්‍ය හර්දීප් ශ්‍රී පූරි මැතිතුමාගෙන් ඉල්ලීමක් කළා. අපේ රටේ තිබෙන විදේශ විනිමය අර්බුදය නිසා ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 500ක ස්ථාවර ණය පහසුකමක් ඉල්ලුවා. ඉන්දියාව ඒක අනුමත කළා. අපේ මුදල් අමාත්‍යාංශයෙන් ඒක අනුමත කළාම දෙසැම්බර් මාසයේ සිට ඩිසල් ගේන්න ඒ පහසුකම භාවිතා කරන්න පුළුවන්.

බොරතෙල්වල එකම පාරිභෝගිකයා ඛනිජ තෙල් සංස්ථාව නිසා බොර තෙල් හිඟයක් ඇති වුණත් එයට ජනතාව කලබල විය යුතු නෑ. එමෙන්ම එවැනි හිඟයක් ඇති නොවන බවට අප වගබලා ගෙන තියෙනවා.”

ක්‍රිසන්ති විතාරණ