27.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආනයන සීමා පැනවීමෙන් කර්මාන්තවලට මතුව ඇති ගැටලු හඳුනගෙන තිබෙනවා

ආනයන සීමා පැනවීමෙන් කර්මාන්තවලට මතුව ඇති ගැටලු හඳුනගෙන තිබෙනවා

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ

මෙරට සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි කර්මාන්ත අංශ 19කට අදාළව, කොවිඩ් වසංගත තත්ත්වය සහ ආනයන සීමා පැනවීම තුළ මතුව ඇති සියලු ගැටලු හඳුනා ගත් බවත් එම ගැටලුවලට මුදල් අමාත්‍යාංශය – මහබැංකුව – රේගුව යන පාර්ශ්ව තුන සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුම් දීමට පියවර ගන්නා බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. කර්මාන්ත අමාත්‍යාංශයේදී පෙරේදා (29) කර්මාන්ත අංශ 19ක උපදේශක කමිටු සභාපතිවරු හා අදාළ කර්මාන්ත අංශ නියෝජනය කරමින් පැමිණි කර්මාන්තකරුවන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී ඒ මහතා මෙසේ පැවසීය.

ඩොලර් ගනුදෙනුවලදී බැංකු මගින් සිදුවන ප්‍රමාද දෝෂ, ඩොලර් නිකුත් නොකිරීම ආදී ඩොලර් හා බැඳුණු ගැටලු රැසක් මෙහිදී බොහෝ අංශ නියෝජනය කරන කර්මාන්තකරුවෝ ඉදිරිපත් කළහ. එමෙන්ම රේගුව හරහා භාණ්ඩ ගෙන්වීමේදී මතුවන ගැටලු රැසක් ද මෙහිදී කර්මාන්තකරුවෝ පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් දයා රත්නායක, අතිරේක ලේකම් එස්. එල්. නසීර් යන මහත්වරු ද අගය එකතු කළ තේ නිෂ්පාදන අංශය, සැකසූ ආහාර නිෂ්පාදන අංශය, කොහු ආශ්‍රිත නිෂ්පාදන අංශය, කුළුබඩු අංශය, ඇසුරුම් ද්‍රව්‍ය කර්මාන්ත අංශය, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශය, ප්ලාස්ටික් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන අංශය, මෝටර් රථ එකලස් කිරීමේ අංශය, මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයන්ගේ අංශය, බෝට්ටු සෑදීමේ සහ එයට අනුබද්ධ කර්මාන්ත අංශය, දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන අංශය, සෙරමික්, පෝසිලේන්, ටයිල් හා ග්‍රැනයිට් නිෂ්පාදන අංශය, තීන්ත හා තීන්ත ආශ්‍රිත නිෂ්පාදන අංශය, විදුලි හා විද්‍යුත් භාණ්ඩ නිෂ්පාදන අංශය, රූපලාවණ්‍ය නිෂ්පාදන අංශය, ඖෂධ නිෂ්පාදන අංශය, පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන අංශය, සම් නිෂ්පාදන අංශය, ලෝහ ආශ්‍රිත නිෂ්පාදන අංශය යන කර්මාන්ත අංශ 19 හි උපදේශක කමිටු සභාපතිවරු හා ඒවා නියෝජනය කරන කර්මාන්තකරුවෝද සහභාගි වූහ.

රක්ෂණ ශ්‍රියන්ත