28 C
Colombo
Sunday, October 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋතුරු කොරියාවේ නායකයා සාමයට අත වනයි

උතුරු කොරියාවේ නායකයා සාමයට අත වනයි

දකුණු කොරියාව සමඟ සන්නිවේදන කටයුතු සිදු කිරීමට අතිශය වැදගත් සම්බන්ධතාවක් වන ක්ෂණික ඇමතුම් සන්නිවේදන ජාලය යළි සක්‍රීය කිරීමට තමා කැමති බව උතුරු කොරියාවේ නායක කිම් ජොං උන් ප්‍රකාශ කර ඇත. උතුරු කොරියාව කෙරෙහි ඇති විරෝධී ආකල්පය වෙනස් කිරිම වෙනුවට සාකච්ඡාවලට එක්වීමට අමෙරිකාව ඇතුළු රටවල් විසින් කරනු ලබන යෝජනා ඔහුගේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

අමෙරිකාව සමඟ ඒකාබද්ධව දකුණු කොරියාව යුද අභ්‍යාසවලට එක්වීම සම්බන්ධව විරෝධය පළ කරමින් උතුරු කොරියාව මීට පෙර මේ ක්ෂණික ඇමතුම් ජාලයෙන් ඉවත් වී තිබිණි. කිම්ගේ මේ ප්‍රකාශය සිදු වූයේ වාර්ෂික පාර්ලිමේන්තු සැසිවාරයක දී ය. එක්සත් ජනපදය රාජ්‍යතාන්ත්‍රික අයුරින් ඝෝෂා කරන බවත්, එය අන්තර්ජාතික ප්‍රජාව රැවැටීමේ උපක්‍රමයක් පමණක් බවත් උතුරු කොරියාවේ කේසීඑන්ඒ රාජ්‍ය ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබේ.