27.8 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනතාවට හොරා සියල්ල විකිණීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා

ජනතාවට හොරා සියල්ල විකිණීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා

සුනිල් හඳුන්නෙත්ති

රටටත් ජනතාවටත් හොරා සියල්ල විකිණීම මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවත් එසේ ඉන්දියානු සමාගමකට කොළඹ වරායේ බටහිර පර්යන්තය විකුණා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (30) දිනමිණට පැවසීය.

විකිණීමට අදාළ ගිවිසුම් අත්සන් කළ දෙදෙනා පමණක් මේ පිළිබඳ දන්නා බවත් අන් කිසිවකු මේ පිළිබඳ නොදන්නා බවත් සඳහන් කරන ඒ මහතා රටේ කොටස් විකිණීම මේ තරම් සරලව කරන්නේ කේසේද යන්න ප්‍රශ්න කළේය.

ජනතා විමුක්ති පෙරමුණ නොව අඩුම තරමින් වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මේ පිළිබඳ නොදන්නවා විය හැකි බවත් රටේ ජනතාවටද දැන් මේ පිළිබඳ තේරුම් කර වැඩක් නැති බවත් ඒ මහතා කීය.

නීතියක් නැති රටක ව්‍යවස්ථා ක්‍රියාත්මක කරයි කියා අදහසක් නැති බවත් ජනවරමට වඩා තනි මතය බලවත් වෙමින් පවතින බවත් එම නිසා මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කර කිසිදු වැඩක් නැති බවත් ඒ මහතා සඳහන් කළේය.

නුවන් හෙට්ටිආරච්චි