වජිර අබේවර්ධන
අගමැතිවරයාගේ නියෝග අනුව මහ බැංකුව නිකුත් කළ ඩොලර් වැය කර රේගුවෙන් නිදහස් කළ කිරිපිටිවලින් කොපමණ ප්‍රමාණයක් කල් ඉකුත් නොවී තිබුණේ දැයි ආණ්ඩුව වහාම හෙළි කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ ඊයේ (30) පැවති සාකච්ඡාවක් අතරවාරයේය.
රට තුළ පවතින ඩොලර් හිඟය නිසා රේගුවේ දිගු කලක් සිරවී තිබූ කිරි පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මහ බැංකුවෙන් නිකුත් කළ ඩොලර් යොදවා නිදහස් කළද ආහාර වැඩි ප්‍රමාණයක් කල් ඉකුත් වී තිබූ බවට තොරතුරු ඇතැයිද අබේවර්ධන මහතා සඳහන් කළේය.
සැලැස්මක්, වැඩපිළිවෙළක් හෝ ඉදිරි දැක්මක් නැතුව ආණ්ඩුව මෙතෙක් ක්‍රියා කළ ආකාරයෙන්ම ජනතාවට දැන් කල් ඉකුත් වූ ආහාර ගැනීමටත් සිදුවේ දැයි සැකයක් පවතින බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
ශිරෝමි අබයසිංහ