27.8 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsප්‍රංසයේ හිටපු ජනපති සාර්කෝසිට වසරක සිර දඬුවමක්

ප්‍රංසයේ හිටපු ජනපති සාර්කෝසිට වසරක සිර දඬුවමක්

වසර 2012 ජනාධිපතිවරණය අතරතුරදී නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු සඳහා මුදල් යෙද වූ බවට චෝදනා ලැබූ ප්‍රංසයේ හිටපු ජනාධිපති නිකොලස් සාර්කෝසිට වසරක සිර දඬුවමක් නියම වී තිබේ. එම ජනාධිපතිවරණයෙන් ඔහු පරාජයට පත් වූ අතර, ෆ්‍රැන්කොයිස් හොලන්ඩේ ජනපතිධුරයට පත් විය. ප්‍රංස ඉතිහාසයේ ඉහළ නායකයකු අවස්ථා දෙකකදී සිර දඬුවමකට යටත් වූ පළමු අවස්ථාව ද මෙය වේ.

මීට පෙර පසුගිය මාර්තු මාසයේදී ඔහුට වසර තුනක සිර දඬුවමකට යටත්වීමට සිදු වූයේ දූෂණ වංචා චෝදනාවකටය. 66 හැවිරිදි සාර්කෝසි 2012 ජනාධිපතිවරණය සඳහා අමෙරිකා ඩොලර් මිලියන 54ක් වැය කර තිබූ අතර, ඒ පිළිබඳ 2014දී සිදු කළ විමර්ශනයට ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ ව්‍යාජ රිසීට් පත් බවට තහවුරු වී තිබිණි. ප්‍රංස මැතිවරණ නීතිරීතිවලට අනුව කිසිදු අපේක්ෂකයකුට ඩොලර් මිලියන 24කට වඩා සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැය කිරීම තහනම් වේ.

මේ සිර දඬුවම මගින් සාර්කෝසිගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා නීතිවිරෝධී අයුරින් මුදල් වැය කිරීම් පිළිබඳ සිදු කෙරෙන විමර්ශන අවසන් නොවන අතර, 2007 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේ එවකට ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාපි විසින් ඔහුට එවනු ලැබූ යුරෝ මිලියන ගණනක් පිළිබඳ ඉදිරියේදී විමර්ශනය කිරීමට නියමිතය. එම මුදල් තොගය ගමන් මල්ලක බහා නැව් මාර්ගයෙන් පැරීසියට එවා තිබිණි.