30 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාකිස්තාන ක්‍රිකට් විධායක නිලධාරී ඉල්ලා අස් වෙයි

පාකිස්තාන ක්‍රිකට් විධායක නිලධාරී ඉල්ලා අස් වෙයි

ආරක්ෂක හේතු මත කියමින් සංචාරක නවසීලන්ත ක්‍රිකට් පිල ආපසු හැරීයෑමෙන් සහ එංගලන්ත පිල සිය සංචාරය අවලංගු කිරීමෙන් උද්ගත වූ තත්ත්වය නිසා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන් සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ.

වසර 2009දී ශ්‍රී ලංකා පිලට ලහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු පාකිස්තානයට අන්තර්ජාතික ක්‍රිකට් කණ්ඩායම් යළි ගෙන්වීමට විශිෂ්ට දායකත්වයක් සැපයූ වසීම් ඛාන්ගේ ඉවත් වීම එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට විශාල පාඩුවක් වනු ඇතැයි නව සභාපති රමීස් රාජා සඳහන් කර තිබේ. විවිධ හේතු මුල් කරමින් මීට පෙර පාකිස්තාන පිලේ ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සහ පන්දු යැවීමේ පුහුණුකරු වකාර් යූනිස් ද සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබිණි.