28.9 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාලකයා අසාර්ථක වන විට ජාතිවාදය-ආගම්වාදය තුළ හැංඟෙනවා

පාලකයා අසාර්ථක වන විට ජාතිවාදය-ආගම්වාදය තුළ හැංඟෙනවා

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

පාලකයා අසාර්ථක වන සෑම අවස්ථාවක ජාතිවාදය සහ ආගම්වාදය තුළ සැඟවෙන බවත් සැඟවී සිටි පරණ කසකරුවන් වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා, කර තියාගෙන ගිය අය වේගයෙන් කරළියට පැමිණ තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (29) පැවසීය.

අනුර කුමාර දිසානායක මහතා එහිදී මෙසේද කීය.

අසාර්ථක පාලකයන් හැම වෙලාවෙම ජනතාව අතර අනියත බියක්, සැකයක් ඇති කරනවා. පාස්කු ප්‍රහාරය උපයෝගී කරගෙන බලයට අවාට පස්සේ ඔවුන්ටම දැන් පාරා වළල්ලක් වී තිබෙනවා. මේ ප්‍රහාරය ඔවුන් බලය ගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක්ද කියලා සමාජයේ මතයක් ගොඩනැඟ‍ෙමින් තිබෙනවා. පාස්කු ප්‍රහාරය වෙලාවේදී කාදිනල්තුමා විශාල කාර්යභාරයක් ඉටු කරමින් කතෝලික ජනතාව සන්සුන් කර තබා ගත්තා. කතෝලික ජනතාවගේ තිබුණු විරෝධය ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පත් නොකිරීම සඳහා කාදිනල්තුමා ඉටුකළ කාර්යභාරය අද මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ විශාල පැසසුමකට ලක් වුණා. නමුත් අද වෙනකොට කාදිනල්තුමා දෙවුර මත පටවා ගත් බර එහෙමම තිබෙනවා. නමුත් මේ තත්වය උපයෝගී කරගෙන ආවේගකාරී ගැටුම් නිර්මාණය කිරීමට විවිධ කණ්ඩායම් ආණ්ඩුව විසින් යොදා ගන්නවා. ජාතික රූපවාහිනිය, අයි.ටී.එන්. නාලිකාව යොදාගෙන ඒ කසකරුවන් ප්‍රධානම මත දක්වන්නන් බවට පත්කරගෙන තිබෙනවා. බරපතළ ප්‍රහාරයකට සූදානම් වන බවටත් ප්‍රහාරකයන් සැඟ වී ඉන්න බවටත් ප්‍රකාශ සිදු කරනවා. ඔවුන් ඉන්න තැන දන්නා බව පවා ප්‍රකාශ කරනවා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගණනාවක් ලැබී තිබුණත් කිසිම පරීක්‍ෂණයක් කරන්නේ නැහැ.

නුවන් හෙට්ටිආරච්චි