27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරූපින්දර් පාල් සිං හොකී පිටියෙන් සමුගනියි

රූපින්දර් පාල් සිං හොකී පිටියෙන් සමුගනියි

ඉන්දීය ජාතික පිරිමි හොකී කණ්ඩායමේ උසම ක්‍රීඩකයා වූ රූපින්දර් පාල් සිං අන්තර්ජාතික හොකී පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

2010 වසරේ සිට 2021 දක්වා අන්තර්ජාතික කෙළිබිමේ තමන් ලත් සුබදායි අත්දැකීම් තරුණ ක්‍රීඩකයකුට ලබා ගැනීමට අවස්ථාව උදා කරමින් ඔහු මේ තීරණයට එළඹ ඇත.

පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ හොකී ලෝකඩ පදක්කම මෙන්ම ආසියානු ක්‍රීඩා උලෙළේ රන් (2014) සහ ලෝකඩ (2018) පදක්කම් දිනා ගෙන ඇති ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු වූ රූපින්දර් කෙටි ආන්තික පහර ආශ්‍රිතව ගෝල් රැස් කිරීමේ විශිෂ්ටයෙකි.

අන්තර් ජාතික තරග 223කට සහභාගි වෙමින් ඔහු රැස් කර ඇති ගෝල් සංඛ්‍යාව 119කි.