28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රස්තවාදයට ඉඩ නොතබන ලෙස ජර්මනියෙන් ඇෆ්ගනිස්තානයට දැනුම් දීමක්

ත්‍රස්තවාදයට ඉඩ නොතබන ලෙස ජර්මනියෙන් ඇෆ්ගනිස්තානයට දැනුම් දීමක්

අන්තර්ජාතික ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමට ඇෆ්ගනිස­්තානය භූමිය යොදා නොගන්නා ලෙස ජර්මනිය තලේබාන් සංවිධානයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ද එවැනි ප්‍රකාශයක් සිදු කළ අතර, ජර්මනිය තලේබාන් සංවිධානයට මේ දැනුම් දීම සිදු කර ඇත්තේ ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රකාශය අනුමත කරමිනි. ඇෆ්ගනිස්තානය පමණක් නොව ත්‍රස්තවාදය පතුරුවාලීමට අසල්වැසි පාකිස්තාන භූමිය ද යොදා නොගත යුතු බවට තලේබාන් සංවිධානයට ජර්මනිය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

කිසිදු ආකාරයක ත්‍රස්තවාදයක් ඇෆ්ගනිස්තාන භූමියෙන් ව්‍යාප්ත නොවීමට වග බලා ගත යුතු බවට පසුගියදා තලේබාන් සංවිධානයේ ඉහළ මට්ටමේ නායකයන් දෝහා කටාර් නුවරදී මුණ ගැසුණු ජර්මනියේ නියෝජිතයන් ප්‍රකාශ කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයේ ජයග්‍රහණයත් සමඟ අන්තර්ජාතික ත්‍රස්තවාදයට දිරි ගැන්වීමක් ලැබීමේ අවදානම පිළිබඳ ඉන්දියාව විසින් සිදු කරනු ලැබූ අනතුරු ඇඟවීමට ජර්මනියේ දැඩි අවධානයක් යොමු වී ඇත.