27.8 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෛත්‍රී-රනිල් සහ ගෝඨා-මහින්ද ආණ්ඩුවල වෙනසක් නැහැ

මෛත්‍රී-රනිල් සහ ගෝඨා-මහින්ද ආණ්ඩුවල වෙනසක් නැහැ

පා. මන්ත්‍රී විජිත හේරත්

මෛත්‍රී සහ රනිල්ගේ වෙන්දේසි ආණ්ඩුවත් ගෝඨාභය – මහින්ද ආණ්ඩුවත් අතර කිසි වෙනසක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා දිනමිණට ඊයේ (01) පැවසීය.

තවදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.

මේ ආණ්ඩුව බලයට පත්වෙන කොට කිව්වා විදේශයට විකුණපු සියලුම සම්පත් නැවත පවරා ගන්නවා කියල. මහින්ද රාජපක්ෂ මහත්තයා විහාර මහා දේවි පාක් එකේ තිබ්බ රැස්වීමේදී කිව්වා විදේශිකයන්ට කිසිම දෙයක් ගන්න එපා කියලා. ඔහුගේ ආණ්ඩුව ආව විගස ඒ සියල්ල ගන්නවා කියල.ඒ වගේම තමයි හම්බන්තොට වරායත් අනිවාර්යෙන් භාර ගැනීමට කටයුතු කරනවා කියලා පොරොන්දු වුණා. ඒ නිසා තමයි මිනිස්සු ඡන්දේ දුන්නේ මේ විදේශීයන් කොල්ල කන දේශීය සම්පත් ටික බේර ගන්න. නමුත් ඒගොල්ලොත් කරන්නේ ගිය ආණ්ඩුව කරපු දේවල්ම තමයි. අන්තිමට රනිල්- මෛත්‍රී ආණ්ඩුව වගේම මහින්ද- ගෝඨාභය ආණ්ඩුවත් වෙන්දේසී සමාගමක් බවට පත්වෙලා තියෙනවා. මිනිස්සු ඡන්දේ දුන්නේ ඇත්තටම ජාතික සම්පත් රැක ගන්නයි.නමුත් වුණේ නැත්තේ ඒ දේ.සියලුම සම්පත් එකින් එක විකුණමින් ඉන්නවා මේ ආණ්ඩුව. ඉස්සෙල්ලම නැඟෙනහිර ජැටිය විකුණන්න හැදුවා. ඒකට විරුද්ධ වුණාම එක නතර කරල බටහිර ජැටිය විකුණනවා. එක සිදු කරන්නේ කිසිම කෙනෙක් දැනුවත් නැතුව. සියයට 85% ක විදේශීය සමාගම් දෙකකට විකුණනවා. ඉන්දියානු සමාගමට සීයට පනස් එකක් සහ සියයට තිස් හතරක් කීල්ස් සමාගමට විකුණනවා .කොහොමහරි අන්තිමට වරායට ඉතිරි වුණේ සීයට පහළොවයි .

නැඟෙනහිර ජැටිය විකුණන්න පොරොන්දු වෙලා තිබ්බේ සියයට හතළිස් එකක්. අන්තිමට ඒක විකුණන එක නැවතුනා .මේක සිට 85 ක් දුන්නා. දැන් මේ වෙන කොට නැඟෙනහිර ජැටිය කිසිම වැඩ කටයුත්තක් සිදු නොකෙරෙන තැනට වැඩ සිද්ධ කරමින් තියෙනවා. කොහොම හරි මේ ආණ්ඩුව අන්තිමට සියලුම වටිනාම කියන ජාතික සම්පත් විකුණනවා. අන්තිමට ජාතික සම්පත් සුරකින්න ආපු මේ ගෝඨාභය- මහින්ද ආණ්ඩුව ෂැංග්‍රිලා හෝටලය පිටිපස්ස පැත්තේ ඉදලා බටහිර ජැටය,කෙළවරපිටිය බලගාරය , ගෑස් ගෙන්න ඒකාධිකාරිය සම්පුර්ණ වශයෙන් පවරලා දෙනවා.

දැන් අලුත්ම විකිණීම තමයි රටේ ඉතා වැදගත්ම ජාතික උරුමයන් වෙන්දෙසී කරන එක. ඒ අනුව ගත්තහම සතොස බිල්ඩින් එක, ග්‍රැන් ඔරියන්ටන් හෝටලය, මහජන බැංකු ඉඩම, ඩී. ආර් .විජයවර්ධන මාවත තියෙන ඉඩම් කැබලි සහ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, වැලිකඩ හිරගෙදර, අනුරාධපුරය අක්කර එක් ලක්ෂ දෙදහසක් වු ඉඩම් ප්‍රමාණයක් ,ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික, නැඟෙනහිර පළාතේ ඉඩම් වෙන්දෙසී කරල ඉවරයි .එවා හෙට අනිද්දා ම විකුණනවා මේ අය.

නුවන් හෙට්ටිආරච්චි