28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොවීන්ට සාධාරණය පතා අධිකරණයට යනවා

ගොවීන්ට සාධාරණය පතා අධිකරණයට යනවා

විපක්ෂ නායක

ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවලිය ගොවි ජනතාවගේ හානියට හේතු වූ බැවින් ඔවුන්ට සාධාරණයක් ඉටුකර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (03) පැවසීය.

ඒ අනුව ඉතා ඉක්මනින් ගොවි ජනතාව වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව ද හෙතෙම පැවසීය.

ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව ගොවිබිමට ගොස් විමසන “ගොවිහදගැස්ම” පළමු පියවර ලෙස ඊයේ 03) හම්බන්තොට, ලුණුගම්වෙහෙර, අග්බෝපුර කලාපයේ ගොවි ජනතාව හමුවූ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව කීවේය.

ගොවි ජනතාවට නිර්දේශය කරන ලද පොහොර නො ලැබී ඇති බවත්,වල් නාශක සහ කෘෂි රසායන ද්‍රව්‍ය ඉහළ යෑම නිසා ගොවියා පීඩාවට පත්ව ඇති බවත්,මේ හේතුවෙන් අස්වැන්න සහ ආදායම් අඩු වී ඇති බවත් මේ සියල්ල හේතුවෙන් ආණ්ඩුව ගොවි ජනතාවට වන්දි ගෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පහන් විජේසේකර