කටාර්හිදී පැවැත්වෙන 25 වැනි ආසියානු ටේබල් ටෙනිස් කේවල තරගාවලියේ ආසියාවේ දක්ෂතම ක්‍රීඩිකාවන් 32 අතරේ පැවැති සටනින් ජය ගනිමින් ඉතිහාසයට එක් වන්නට ප්‍රියදර්ශනී මුතුමාලීට හැකි වීම ඊයේ (03) දිනයේදී විශේෂත්වයක් ගත්තේය. ඒ අනුව ආසියාතික රටවල දක්ෂතම ක්‍රීඩිකාවන් 16 අතරට එක් වීමට ඇයට හැකි විය. එවන් දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ දකුණු ආසියාවේ එකම ක්‍රීඩිකාව බවට ද මුතුමාලි ප්‍රියදර්ශනී පත් වූවාය. මේ තරගාවලියේ කේවල ඉසව්වේ පළමු 32 අතරට එක් වීමට ශ්‍රී ලංකාවේ බිමන්දී බණ්ඩාර, තනුෂී රුද්‍රිගෝ සහ සෙනුර සිල්වා ද සමත් වූහ.
එහිදී ඉරාන ජාතික ෆාරී මේරීයම්ට එරෙහිව තරග වට 03 – 01කින් ජය ගැනීමට මුතුමාලී ප්‍රියදර්ශනීට හැකි වූවාය. ඇය ආරම්භක වටය පරාජය වීමෙන් පසු ඉතිරි වට 3 ජය ගැනීමට සමත් වීම එහිදී කැපී පෙනිණි. සෙනුර සිල්වා, බිමන්දී බණ්ඩාර සහ තනුෂී රුද්‍රිගෝ ආසියාවේ හොඳම 16 දෙනාගේ වටයට වරම් ලබා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූහ. ඉකුත් වර තරගාවලියට වඩා ප්‍රගතියක් මෙවර ප්‍රදර්ශනය කිරීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වී සිටීම ද ප්‍රශංසනීයය. මේ තරගාවලියේ 7 වැනි දින තරග අද (4) දෝහාහී ලුසේල් ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.
අනුරාධ බණ්ඩාර