රුතුරාජ් ගයික්වාඩ් වාර්තා කළ ශතකය අපතේ යමින් අයිපීඑල් තරගාවලියේ 47 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් පිල හමුවේ චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලු 7කින් පරාජයට පත් විය.
මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල ලකුණු 189ක් රැස් කළ අතර, එම ඉලක්කය ඕවර 17.3කදී පසු කළ රාජස්ථාන් පිලට අහිමි වූයේ කඩුලු 3ක් පමණි.
ශිවම් ඩූබේ සහ යශෂ්වි ජයිස්වාල් අර්ධ ශතක රැස් කරමින් රාජස්ථාන් පිල ජයග්‍රහණය කරා ගෙන ගියහ.
හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් රැස් කළ ජයිස්වාල් වැය කළේ පන්දු 21ක් පමණි. ඩූබේ පන්දු 42කින් ලකුණු 64ක් ඉනිමට එක් කළේය.
චෙන්නායි පිල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ රුතරුරාජ් ගයික්වාඩ් අයිපීඑල් තරග බිමේ සිය මංගල ශතකය රැස් කළේ පන්දු 60කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟිනි.
මෙවර තරගාවලියේ වාර්තා වූ සිව්වැනි ශතකය මෙය වන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දෙවැනි කොටසේදී වාර්තා වූ පළමු ශතකයයි.