කොරෝනා නිසා නියමිත ලෙස නොකැඳවීමෙන් න්‍යාය පත්‍රයේ තිබූ ප්‍රශ්න 37කට උත්තර දිනකදී
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විමසන වාචික ප්‍රශ්නවලට පිළිතුරු දීමට විශේෂිත දිනයක් ලෙස වෙන් කරන ලද ඊයේ (4දා) දිනයේදී පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබූ ප්‍රශ්න 40න් 37ක් සඳහාම අදාළ පිළිතුරු අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු විසින් දෙනු ලැබිණි.
රජයේ සහ සභානායකවරයාගේ අදහසට අනුව මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සදහා පිළිතුරු දීමට පමණක් විශේෂ පාර්ලිමේන්තු දිනයක් වෙන් කිරීමට සභානායක, අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට යෝජනා කර තිබිණි.
ඒ අනුව මෙම වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සඳහා පිළිතුරු දීම සඳහා ඊයේ (4දා) දිනය වෙන් කර තිබිණ. මීට පෙරද මෙවැනිම ආකාරයට වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට දිනයක් වෙන්කිරිම සිදුවිය.
කොවිඩ් -19 තත්ත්වය යටතේ පසුගිය කාලයේදී පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම හේතුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අවස්ථාව දීමට මෙසේ විශේෂ දිනයක් දුන් බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසිමේදි සභානායක, අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මෙහිදී, අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 2ක්, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 1ක්, ධීවර අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 1ක්, විදුලිබල අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 1ක්, වෙළෙඳ අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 1ක්, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 3ක්, සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 4ක්, ඉඩම් අමාත්‍යතුමාගෙන් ප්‍රශ්නෙ2ක් හා කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න1ක් විමසා තිබිණි.
එසේම බලශක්ති අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 1ක්, සංචාරක අමාත්‍යතුමාගෙන් 1ක්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 3ක්, මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 2ක්, අග්‍රාමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 2ක්, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 3ක්, මුදල් අමාත්‍යතුමාගෙන් 4ක්, වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 2ක්, අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථීක ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 1ක්, අග්‍රාමාත්‍යතුමා හා ආර්ථීක ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 1ක් හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න 4ක් විමසා තිබිණි.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න
යහපාලන කාලයේ මධ්‍යම අධිවේගයේ ප්‍රමාදයෙන් බිලියන 40ක් රජයට පාඩුයි : ඇමැති ජොන්ස්ටන් මන්ත්‍රී අශෝක්ට උත්තර දෙයි
කඩවත මීරිගම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් යහපාලන ආණ්ඩුව කාලයේ වසර හතර හමාරක් පමා කිරීමෙන් රුපියල් බිලියන 40 කට වැඩිය පාඩුවක් රජයට සිදුව ඇති බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (4දා) ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි ද ඇමැතිවරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉතා ඉක්මණින් සාදා නිම කර ජනගත කිරීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා කීය.
කෙරවලපිටිය 2035දී අපට ලැබෙනවා මෙරට සම්පත් විදෙස් රටවලට විකුණන්නේ නෑ
කෙරවලපිටිය එල්එන්ජි බලාගාරය 2035 වසරේදි නැවත ශ්‍රී ලංකාවට හිමිවන බව විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4දා) ප්‍රකාශ කළේය.
එම විදුලි බලාගාරය විදුලි බල මණ්ඩලයට අයත් නොවන බලාගාරයක් බවත් ඉදිරියේදී මෙගාවොට් 4500ක නව ඩිසල් බලාගාරයක් මෙරටට හිමිවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ඇමැති ගාමිණි ලොකුගේ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. කෙරවලපිටිය එල්එන්ජි බලාගාරය අමෙරිකානු සමාගමට විකුණා ඇත්දැයි මන්ත්‍රීවරයා මෙහිදි විමසා සිටියේය.
එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැති ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ රජයන් විසින් සිදුකළ පරිදි මෙරට සම්පත් විදෙස් රටවලට විකිණිමට වත්මන් රජය කටයුතු නොකරන අතර රජය ආරම්භ කරන සෑම ව්‍යාපෘතියකම ප්‍රතිලාභ මෙරට ජනතාවට හිමි වන බවයි.
විදුලි ඒකකයක් නිෂ්පාදනයට වැයවන රුපියල් 21ක මුදල රුපියල් 16 දක්වා අඩු කර ගැනීමට හැකිවීමෙන් මෙරට ජනතාවට අත්වන වාසිය වැඩි බවත් එම ක්‍රියාවට විරුද්ධ දැයි මන්ත්‍රීවරයාගෙන් ඇමැතිවරයා විමසා සිටියේය.
ණය ගෙන විදුලි දුම්රිය මඟ ඉදි කරන්නේ නැහැ ; මහාමාර්ග ඇමැති
පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදි කරන මාර්ගයට මුල් ගල තබා අවසන් අතර වසර එක හමාරකදී මෙම මාර්ගය සාදා නිම කිරීමට රජය අපේක්ෂා කරන බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මුදල් ඇමැතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) මේ බව පැවසුවේය.
මාලඹේ සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි දුම්රිය ව්‍යාපෘතිය රජය මඟින් විදේශ ණය ගැනීම් යටතේ සිදු කිරීමට තිබූ ව්‍යාපෘතියක් වන අතර කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්ට එමඟින් ඇති වන ප්‍රයෝජනය සීමාසහිත බවට ව්‍යාපෘති විශේෂඥයන් පෙන්වා දී ඇති බවත් රාජ්‍ය ආයෝජනයන්ට විශේෂ අවස්ථාවක් දීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම නිසා එම ව්‍යාපෘතිය ණය මුදල් යටතේ ක්‍රියාත්මක කිරීම නතර කර ඇති බවත් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේය.
කිලෝමීටර් 15.7ක දුරක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2441ක වියදමක් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට ඇස්තමේන්තු කර ඇතැයි ද, ඩොලර් මිලියන 1850ක් විදේශ ණය ලෙස ගැනීමට කටයුතු කර ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේය.
ඩොලර් මිලියන 591 ක් ශ්‍රී ලංකා රජය ආයෝජනය කළ යුතු අතර ඒ සඳහා සැලසුමක් තිබී නොමැති බවත් මෙවැනි ව්‍යාපෘති සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකම එක්ව ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවසීය.
පිටරටින් ණය නොගෙන සිදු කළ හැකි ව්‍යාපෘති මෙරට ආයෝජනයන් යටතේ ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර ඇති බවත් සංවර්ධන ව්‍යාපෘති ඉදිරියේදී ක්‍රියාත්මක නොකරන බවට මෙමඟින් අදහස් නොවන බවත් ඇමැතිවරයා කීය.
ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න
අපි අවුරුදු දෙකට සංවර්ධන කලාප 5ක් හැදුවා : රාජ්‍ය ඇමැති ඩී.වී. චානක
නිදහසෙන් පසුව මෙරට මේ දක්වා ඉදි කර ඇත්තේ සංවර්ධන කලාප 14ක් වුවත් වත්මන් ආණ්ඩුව වසර දෙකක් තුළදී සංවර්ධන කලාප 5ක් ආරම්භ කර ඇති බව රාජ්‍ය ඇමැති ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (4දා) ප්‍රකාශ කළේය.
බිංගිරිය ආයෝජන කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනයෙ රුපියල් මිලියන 40ක් වෙන් කළ බවත් යහපාලන ආණ්ඩුවෙන් කලාප හදන විට රාජ්‍ය ආයතන සමඟ කිසිදු ගිවිසුම්ගත වීමක් සිදුව නොතිබූ බවත් ඇමැතිවරයා කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය. වත්මන් ආණ්ඩුව යටතේ රාජ්‍ය ආයතන සමඟ ගිවිසුම්ගත වීමට පියවර ගත් අතර මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුම් අත්සන් කළ බවත් ඉදිරි කාලය තුළදී ජල සම්පාදන මණ්ඩලය සහ විදුලිබල මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කිරීමට සැලසුම් කරගෙන යන බවත් ඇමැතිවරයා කීය.
හම්බන්තොට වරාය විකුණන විට, හම්බන්තොට ජනතාවගේ ඉඩම් විකුණන විට විපක්ෂය විදියට එදා උද්ඝෝෂණ සිදු කළ බව ද, එසේ නොමැතිව යහපාලන ආණ්ඩුව සිදු කරන සංවර්ධන කටයුතුවලට විරුද්ධව උද්ඝෝෂණ දියත් නොකළ බව ද ඇමැතිවරයා පැවසුවේය.
හම්බන්තොට වරාය භූමියට ආසන්න අක්කර දහසක ඉඩම් භූමියට ආයෝජන 20 ක් යහපාලන ආණ්ඩුව පවතින කාලයේ පැමිණි අතර ඒවා නැවත හරවා යැවීමට යහපාලන ආණ්ඩුව පියවර ගත් බවත් ආයෝජන කලාප, වරායන් එදා විකුණුවාට වත්මන් ආණ්ඩුව යටතේ එසේ නොකරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
හම්බන්තොට අක්කර 200 ක භුමියක ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට පියවර ගන්නේ යැයි ද ඇමැතිවරයා පැවසුවේය.
පාසල් හා රෝහල් වෙත යන මාර්ගවලට ප්‍රතිසංස්කරණවලදී ප්‍රමුඛතාව
කෘෂි නිෂ්පාදන ඉක්මනින් වෙළෙඳපොළ කරා ගෙනයෑම පහසු කිරීමට එම ප්‍රදේශවල මහාමාර්ග පිළිසකර කිරීම්වලට ප්‍රමුඛතාව දෙන බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (4දා) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් පාසල්, රෝහල් කරා ඉක්මණින්ම ළඟා විය හැකි පරිදි මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට ප්‍රමුඛතාව දෙන බවත් ඇමැතිවරයා කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.
මහජන නියෝජිතයන්ගේ ඉල්ලීම් අනුව පක්ෂ භේදයකින් තොරව මාර්ග සෑදීම සිදු කරන බව ද ඇමැතිවරයා පැවසීය.
කිලෝමීටර් ලක්ෂයේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේ වැඩසටහන අගය කරමින් ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන භාගයක් මේ වන විට දී ඇති බවත් සෞභාග්‍යයේ දැක්ම පොරොන්දුව කිලෝමීටර් ලක්ෂයක් වුවත් එක් ලක්ෂ දහඅට දාහක සංවර්ධනයක් සිදු කරන බවත් ඇමැතිවරයා කීය.
ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න
ඉන්දීය විදේශ ලේකම් මා හමු වන්න ඉල්ලීමක් හෝ කළේ නෑ ; ඇමැති උදය ගම්මන්පිල
ඉන්දීය විදේශ ලේකම්වරයා සහ තමා අතර කිසිදු හමුවීමක් සිදු නොවු බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4දා) අවධාරණය කළේය.
අවම වශයෙන් තමන් හමුවිමටවත් ඉන්දීය විදේශ ලේකම්වරයා අවස්ථාවක් ඉල්ලා නොතිබූ අතර මේ සම්බන්ධයෙන් පළවන සියලු වාර්තා අසත්‍ය බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙරට ඇති තෙල් ටැංකි සියයේම අයිතිය මේ වන විටත් ඇත්තේ ඉන්දියාව සතුව බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.
එම තෙල් ටැංකි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු විසින් 1987 සහ 2003 වසරවල අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් මගින් සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට දී ඇති අතර ඇමැතිවරයා ඒවා යළි ගැනීමට තමන් උත්සාහ කරමින් සිටින බව ද කීවේය.
එමෙන්ම මෙරට තෙල් ටැංකි සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බවද ඇමැතිවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
එමෙන්ම කෙරවලපිටිය එල්එන්ජී බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40 ක් දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෞද්ගලික අංශය බලශක්තිය සම්බන්ධ ව්‍යාපාරයන්ට සම්බන්ධ වීම සම්බන්ධයෙන් විරෝධතාවයක් නොමැති බවද කීය.
“උතුරේ ඉඩම් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගෙන නෑ”
උතුරු පළාතේ කිසිදු ඉඩමක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමක් සිදුකර නොමැති අතර යම් ඉඩම් ප්‍රමාණයක් වන රක්ෂිත ලෙස පවරාගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.
මෙලෙස රක්ෂිත ඉඩම් ලෙස පවරාගෙන ඇති ඉඩම් අයත් ලේඛනයක්ද අමාත්‍යවරයා සභාගත කළේය.
තම ප්‍රදේශ වල ජනතාවට අයත් කුඹුරු ඉඩම්ද රක්ෂිතවලට අයත් ඉඩම් ලෙස පවරාගෙන ඇති බවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මෙහිදි සඳහන් කළේය.
එහිදි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් මහතා සඳහන් කළේ මෙම ක්‍රියාවන් නිවැරැදි කිරිම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ කළ බවත් පරිසරය විනාශ කිරීමට ජනාධිපතිවරයා උත්සාහ දරන බවට ඇතැම් පිරිස් එහිදි චෝදනා එල්ල කළ බවයි. මෙම ප්‍රශ්නය උතුරට පමණක් නොව අනෙකුත් පළාත්වලටද පොදු ප්‍රශ්නයක් බවත් ඇතැමුන්ගේ නිවෙස රක්ෂිතයෙන් පිටත පවතින අතර වැසිකිලිය රක්ෂිතයට අයත් වන බවයි. නමුත් එවැනි දේවල් නිවැරදි කරන්නට උත්සාහ කරන විට ඇතැමුන් එය දේශපාලනයට හරවා ගන්නා බවත් පැවසිය. කෙසේ වුවද මෙවැනි ගැටලු නිවැරදි කළ යුතු බවද හෙතෙම පැවසිය.
මුලතිව් දිස්ත්‍ික්කයේ නයාරු හා නන්දිකඩාල් ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක් රක්ෂිතවලට පවරාගෙන ඇති බවත් ඇමතිවරයා කීය.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ තම ජනතාවගේ ගැටලුවලට විසඳුම් දීම සඳහා වනජිවි දෙපාර්මේන්තුවේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් නොපැමිණෙන බවටද එස් ශ්‍රීධරන් මහතා චෝදනා කළේය.
එහිදි පිළිතුරු දුන් අමාත්‍ය ජොන්ස්ටන් මහතා සඳහන් කළේ පවතින කොවිඩ් තත්ත්වය යටතේ නිලධාරීන් ගෙන්වාගැනීමේ අපහසුතාවක් පවතින බවයි. එමෙන්ම තමන්ගේ දිස්ත්‍ෙක්කය තුළද අලි ප්‍රහාර හේතුවෙන් කිහිප දෙනකු මියගිය බවත් නිලධාරින් ගෙන්වා ගැනීමේ අපහසුවක් ඇති බව තමන්ද පිළිගන්නා බවත් ඇමතිවරයා පැවසිය.
කොවිඩ් තත්ත්වය යටතේ ඇතැම් ආරක්ෂක අංශ, සෞඛ්‍ය සේවය, වරාය, සනීපාරක්ෂක සේවකයන් ආදි පිරිස් දැඩි කැපවීමෙන් සේවය කළද ඇතැම් පිරිස් වැටුප ගෙන නිවෙසට වි සිටින බව තමන්ද පිළිගන්නා බව ඇමතිවරයා සඳහන් කළේය.
සිසුන් පාසල් පද්ධතියට අනුගත කිරීමට දින 2ක්
පාසල් ආරම්භ කිරිමෙන් පසු දින 2ක් හෝ 3ක් දරුවන් නැවත පාසල් පද්ධතියට අනුගත කිරීමට යෙදවිය යුතු බව රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4දා) ප්‍රකාශ කළේය. කොවිඩ් වසංගතය නිසා මාස 7කට වැඩි කාලයක් පාසල් පද්ධතියෙන් බැහැරව සිටි ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් මෙම වැඩසටහන අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා කීය.
එමෙන්ම මෙම දරුවන් පාසල් පද්ධතියට නැවත අනුගත කිරීමට පෙරමුණ ගත යුත්තේ ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් විසින් බවද ඇමතිවරයා පැවසීය.
2020 වසරේ පාසල් දින දර්ශනයේ දින 210 න් දරුවන් පාසලට පැමිණ ඇත්තේ දින 65ක් පමණක් බවත් 2021 වසරේදී බස්නාහිර පළාතේ දරුවන් පාසල් පැමිණ ඇත්තේ පළමු වාරයේ දින පහක් පමණක් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. එබැවින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ නැවත දරුවන් පාසලට අනුගත කිරීම වෙනුවෙන් ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් වෙත විශාල වගකීමක් පැවරෙන බවද ඇමතිවරයා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ බව සඳහන් කළේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය ශිෂ්‍ය උපදේශක ගුරුවරුන් සම්බන්ධයෙන් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
භාවිතයෙන් ඉවත් කළ රජයේ වාහන ගැන සංගණනයක්
ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි වහාම ජනාධිපතිවරයාට හිමි වාහන සංඛ්‍යාව අඩු කර නාස්තිය වැළැක්වීමට පියවර ගත් බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවසුවේය.
රාජ්‍ය ආයතනවල භාවිතයෙන් පසුව ඉවත් කළ වාහන විශාල සංඛ්‍යාවක් පවතින අතර ඇතැම් වාහන දිරාපත් වෙමින් පවතින බවත් ධාවන තත්ත්වයේ නොමැති වාහන සම්බන්ධයෙන් සංගණනයක් සිදු කර ඇති බව ද ඇමැතිවරයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
බස්, ගිලන්රථ ඇතුළු වාහන ගණනාවක් මේ වන විට අලුත්වැඩියා කර ඇතැයි ද, අබලන් වූ වාහන අලුත්වැඩියා කිරීමට හෝ ඉදිරි මාස හය තුළදී මේ සම්බන්ධයෙන් නිසි කළමනාකරණයක් කළ හැකි වනු ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.