කථානායක මහින්ද යාපා අබේවර්ධන
රජය ගන්නා තීරණ විධායකය සතු වුවත් ඒවා ප්‍රශ්න කිරීමේ බලය ව්‍යවස්ථාදායකය තුළ තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
කථානායකවරයා මේ අදහස් පළ කළේ වැලිගම, දෙණිපිටිය විහාරස්ථානයේ පැවති සඳහිරු සෑ රඳුන්ට පැලඳවීමට නියමිත කොත් වහන්සේට දහවල් වතාවත් සිදු කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා මෙසේ ද කීය.
“ශ්‍රී ලංකා රජයෙන් ඉන්දියාවට තෙල් ටැංකි දෙන බවට නැඟෙන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවේ ඉඩ කඩ පවතිනවා. එහිදී තොරතුරු දැන ගත හැකියි. ඉදිරි දින පහේ පාර්ලිමේන්තුව පැවැත්වෙනවා. එහිදී විවාද කිහිපයක් පැවැත්වෙනවා. තෙල් සංස්ථාව සම්බන්ධයෙනුත් මෙහිදී ප්‍රශ්න කළ හැකියි.
බඩු මිල වැඩියි කියා හැමදාම පාර්ලිමේන්තුවේ කතා වෙනවා. හැම රටකම බඩු මිල ප්‍රශ්නය තිබෙනවා. කොවිඩ් නිසා සමහර රටවලින් භාණ්ඩ ගෙන්වීමට හැකියාවක් නෑ. රට වසර එක හමාරක් වහලා තිබුණා. මේ හේතුවෙන් විශාල මුදලක් රටට අහිමි වෙලා. සමහර ව්‍යාපාරවලින් කිසිදු ආදායමක් තවමත් ලැබෙන්නේ නෑ. මේ ව්‍යාපාරවලින් ලැබෙන ආදායම් නැති වෙලා. යළිත් කොවිඩ් තත්ත්වයක් ඇති නොවීමට අප වග බලා ගත යුතුයි. කොවිඩ් එන්නත්කරණය සාර්ථකව අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ වන විටත් අපේ රටේ ජනතාවගෙන් 75%ක් එන්නත්කරණය කර අවසන්. අපේ රටට අවශ්‍ය එන්නත් සියල්ලක්ම ලැබී තිබෙනවා.
සුපිරි එන්නතක් කියා දෙයක් ගැන මා දන්නේ නෑ. නමුත් කොවිඩ් ප්‍රශ්නය බැරෑරුම් නොවන්නට කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක්. සුපිරිම කියන රටවලත් කොවිඩ් තත්ත්වයෙන් ජනතාව මිය ගොස් තිබෙනවා. එයට සාපේක්ෂව අපේ රටේ මරණ සංඛ්‍යාවේ යම් අඩුවක් දක්නට ලැබෙනවා. අපේ රටේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවලින් විශාල සහනයක් ලැබෙනවා. එය අමතක නොකළ යුතුයි.”
ටී. කේ. මහින්ද – වැලිගම සමූහ